වැඩි ලුණු වැඩි ලෙඩ කියන්නේ මේ හේතුව නිසා කියලා ඔබ දන්නවද

ලුණු කියන්නේ අපේ ශරීරයට අවශ්‍ය දෙයක්. වෛද්‍ය උපදෙස් වලට අනුව අප දිනකට පාවිච්චි කර යුතු ලුණු ප්‍රමාණය වන්නේ 5g අඩු ප්‍රමාණයක්. මේ ප්‍රමාණය ඉක්මවා ශරීරයට ලුණු ලැබුණහොත් ලෙඩ රෝග බොහොමයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපේ මස්පිඩු හොඳ ජවයකින් මැඩ පවත්වන්නේ ලුණු. එමෙන්ම ස්නායු පද්ධතිය ආශ්‍රිතව පණිවිඩ ක්‍රියාශීලිව හුවමාරු කරන්නේ ද ලුණු. ශරීරයට ලුණු අඩු වුන හොත් ශරීරයේ මස්පිඩු පෙරලීම සිදු වේ.

අධික ලුණු භාවිතයට ගැනීම අධි රුධිර පීඩනයට හේතුවයි. අධි රුධිර පීඩනය නිසා වකුගඩු හානි වෙනවා. නහර පිපිරීම් නිසා අංශභාග වැනි රෝග වලට ද මුහුණ දෙන්න සිදුවෙනවා. දියවැඩියාව වැඩි වෙන්නත් හේතුවක් ලෙස ලුණු දක්වන්න පුළුවන්. ශරීරයේ ලුණු වැඩි නම් හෘද රෝග ඇති වෙන්න පුළුවන්. මේ සියල්ල වගේම ශරීරයේ අධික තරබාරු කමට ද ලුණු හේතුවක් වෙනවා.

අපි අපේ ශරීරයට වැඩිපුර ලුණු එකතු කර ගෙන තිබේ දැයි හඳුනා ගැනීමට පහත ඉඟි වලින් පුළුවන් වෙනවා. සිරුරේ තැනින් තැන අසාමාන්‍ය ලෙස ඉදිමීම.එය ඇඟිලි ඉදිමීම, උදෑසන නැගිටින විට දෑත් දෙපා අසාමාන්‍ය ලෙස ඉදිමීම දක්වන්න පුළුවන්. පමණට වඩාත් දැනෙන පිපාසය. ශරීරයට අනවශ්‍ය ලෙස ලුණු එකතු වුවහොත් ශරීරයේ පවතින ජල ප්‍රමාණය අඩු වෙනවා. ඔබ වැඩියෙන් ලුණු පාවිච්චි කරන්නේ නම් ඔබට වැඩියෙන් ජලය පාවිච්චි කිරීමට ද සිදු වෙනවා. එසේ නැති වුවහොත් ඔබේ ශරීරයේ ඉන්ද්‍රයන් අඩපණ වෙනවා. ලුණු වැඩිපුර ආහාරයට ගෙන ජලය අඩුවෙන් පාවිච්චි කරන්නේ නම් ඔබ විචලන රෝගියෙක්ද වෙනවා.

මුත්‍රාවල දකින්න ලැබෙන වෙනස් විම්. මෙහිදී මුත්‍රා ඉතා පැහැදිලි පැහැයක් ගැනිම, නිතර මුත්‍රා කිරිම දක්වන්න පුළුවන්. ලුණු වැඩිපුර ගෙන ජලය අඩුවෙන් පානය කිරීමෙන් විජලනය සෑදෙන නිසා මුත්‍රා තද කහ පැහැයට හැරෙන අතර මුත්‍රා පිට කිරීම ද අඩු වෙනවා.

ඇටකටු වල ඇතිවන වේදනාව. ඔබ වැඩිපුර ලුණු ආහාරයට ගන්නේ නම් ඔබේ වකුගඩු දුර්වල වෙනවා. ලුණු වැඩිපුර ආහාරයට ගැනීමෙන් ඔබේ කැල්සියම් ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසාම කැල්සියම් ඌනතාවය, ඇටකටු දුර්වල වීම ,දත්වල රෝග ඇතිවීමේ ඉඩකඩ වැඩියි. තවද කෙන්ඩා පෙරලීම සහ දිගුකල් පවතින හිසරදය මෙන්ම මතක ශක්තිය සහ තර්කානුකූල හැකියාව අඩුවීම දැක්විය හැකියි .

Leave a comment

Your email address will not be published. Required fields are marked *