‘වැඩිය ඕන නෑ, කවදා හරි මටයි, දුවටයි මෙහෙම ඉන්න තිබුණා නම් ඇති’ – ඕෂධී හේවාමද්දුම

කළා ලෝකයෙන් වගේම දේශපාලනය හරහාත් හැමෝම අතර කතා බහට ලක්වෙන චරිතයක් බවට පත්වුන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ඕෂධී හේවාමද්දුම කියන්නේ. කාලෙන් කාලෙට පුවත් මවන ඕෂධී හේවාමද්දුම සමගයි අද මේ කතාබහ, ඕෂධී කියන්නේ දැන් මවක්. ඉතින් මවක් විදියට කොහොමද තාමත් ඉස්සර වගේම අදත් ලස්සනට ඉන්නේ? ”මෙහෙමයි මම මගේ ඇඟ ගැන ගොඩක්ම සැලකිලිමත්. රංගන ශිල්පිනියක් විදියට ලස්සනට ඉන්න ඕන. පුතා ලැබුනට පස්සේ මම ටිකක් මහත් වුනා. ඒත් පුතාට අවුරුද්දක් විතර වෙද්දී මම මගේ ෆිගර් එක ආයේ හදාගත්තා. ඒ කාලේ ගානට ඇඟ පාලනය කරලා හිටපු නිසා දුව ලැබුනට පස්සේ මම මහත් වුනේ නෑ.”

ඕෂධී රංගනයෙන් ලබපු ජනප්‍රියත්වය නිසාද දේශපාලනයට ආවේ ? ”මම දේශපාලනයට ආවේ ගොඩක්ම මෑත කාලයේ. ඊටකලින් මම සමාජ සේවා කටයුතුවල දීලා හිටියා. ඉස්සර ඉඳන්ම මම කැමතියි මිනිස්සුන්ට උදවු කරන්න. මම ගොඩක් සල්ලි තියෙන කෙනෙක් නෙවෙයි හැබැයි මට පුළුවන් හැම වෙලාවේම මට පුළුවන් උපරිමෙන් මම තව කෙනෙක්ට උදවු කරනවා. දේශපාලනයට එන්න හේතුවත් ඒකම තමයි මොකද මම හිතුවා දේශපාලනේට ආවම මට මිනිස්සුන්ට උදවු කරන්න පුළුවන් වේවි කියලා.”

ඕෂධී දැන් රංගනය සීමා කරලා නේද..? ”ඔව් ඒ කතාවේ ඇත්තක් තියෙනවා. මම මේ වෙද්දී ටෙලි නාට්‍ය හැට ගාණක රඟපාලා තියෙනවා. හැබැයි සිනමාවට සම්බන්ද වෙලා තියෙන්නේ අඩුවෙන්, චිත්‍රපට දහයක විතර රඟපාලා තියෙන්නේ, ඒ නිසා මම කැමතියි සිනමාපට වලට සම්බන්ද වෙන්න, අනිත් කාරණය දැන් හැදෙන නිර්මාණ ප්‍රමිතියක් නෑ කියලා මට හිතෙනවා”

කොහොම වුනත් මේ දවසල ඕෂධී හැමෝම අතර කතාවෙන චරිතයක් එකට හේතුව තමයි ඇය මුහුණු පොතට පසුගිය දවසක එකතු කරපු සටහනක් ඒ තමයි ”වැඩිය ඕන නෑ, කවදා හරි මටයි, දුවටයි මෙහෙම ඉන්න තිබුණා නම් ඇති.. හැබැයි මෙතන අම්මා කවුද? දුව කවුද කියල නම් දන්නෑ ඉතින්” කියලා.

Related Posts

Leave a Reply

Your email address will not be published.