Tue. May 17th, 2022

රංගන ක්ෂේත්‍රය තුල ඉන්න කැපී පෙනෙන රංගන ශිල්පිනියක් විදියට හඳුන්වන්න පුළුවන් ගොඩක් සුන්දර රංගන ශිල්පිනියක් තමයි මහේෂි මධුෂන්කා කියන්නේ. ‘ජීවිතේ ලස්සනයි’ ‘සිංහයා’ සහ ‘සිහින ලොවක් සොයා’ වැනි සිනමාපට හරහා වගේම ටෙලිනාට්‍ය ගණනාවක්ම හරහා මහේෂි ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න සමත්වෙනවා. ඉතින් අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ බාල මහලු හැමෝම ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනියක් වන මහේෂි සමග ඇයගේ විස්තර ටිකක් කතා කරන්න.

මගේෂි ඔබ දැන් බොහෝ පිරිසකගේ ආදරේ ලබන චරිතයක් ඉතින් ඔබ මේ ආ ගමන ගැන තෘප්තිමත් ද? ”මට වයස අවුරුදු 18න් මම මේ කලා ක්ෂේත්‍රයට එන්නේ. එදා ඉඳන් මේ දක්වා ආව ගමන ගැන මම ඕනෑවටත් වඩා තෘප්තිමත්. මේ වෙද්දී මම කැමති චරිත ගොඩක් මට ලැබුණා, ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ දෙනෙක් එක්ක වගේම දැවැන්තයින් රැසක් එක්ක වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. ඉතින් මම ආව ගමන ගැන මට සතුටුයි”

ඔබගේ ආදරණීය සැමියා පිලිබඳ විස්තර ටිකක් කියන්න ”මගේ මහත්තයා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවරයෙක්, මගේ කළා ජීවිතේට ගොඩක්ම උදවු කරන්නේ එයා. අනිත් කෙනා මගේ අම්මා මොකද දරුවෝ දෙන්නාව මට තියලා යන්න පුළුවන් විශ්වාසවන්තම දෙන්නා ඒ දෙන්නා. හස්බන්ඩ් මට ගොඩක්ම ආදරෙයි මගේ ඔනෑ එපාකම් ඔක්කොම බලල කරලා දෙන්නේ එයා”

ඉතින් මේ විදියට හැමෝම ගොඩක් ආදරේ කරන මගේෂි මේ තියෙන තත්වයත් එක්ක ලංකාවේ ඉන්න බෑ කියලා වෙන රටකට පදිංචියට ගිහින් කියලා කට කතාවක් සමාජ ජාලාවල පැතිරෙන්න පටන් අරන්. එයට හේතුව වෙලා තියෙන්නේ ඇය ගුවන් තොටුපලක ඉඳන් ගත චායාරූප කිහිපයක් සමාජජාලාවලට එකතු කරලා තිබීම කොහොම වුනත් මේ පිලිබඳ මහේෂි විසින් කිසිම ප්‍රතිචාරයක් දක්වලා තිබ්බේ නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *