‘වයසට යන්න යන්න එයාගේ ආදරේ වැඩි වෙනවා’ ජනප්‍රිය නිලි සුජානි කියන කතාව

එදා මෙදා තුළ කලා ලෝකයේ ප්‍රේක්ෂක ආදරය වෙනසක් නැතුව ලබන ඇය සුජානි මේනකා. ඇයට එදා මෙන්ම අදත් හැමෝගෙම ආදරය හිමි වෙන්නේ ඇගේ තියෙන නිහතමානිත්වයට. ඇය ප්‍රේක්ෂක ආදරේ පරිස්සම් කරගන්න තරම් දක්ෂ වුනා. සුජානි කියන්නේ කලාවේ සුන්දර රංගන ශිල්පියෙකුගේ ආදරණිය බිරිඳක්. කාලයක් යද්දි කලා ලෝකයේ පවුල් ජිවිත ඇතුලේ දකින්න ⁣වෙන්නේ වෙන්විම්. ඒත් සුජානිගේ පවුල කියන්නේ ආදරය කියන දේ දවසින් දවස වැඩි වුන ආදරයක්.

ඉතින් ඒ නිසාම ඒ ආදරේ ගැන මුලින්මකතා කරන්න අපි හිතුවා. “දවසින් දවස අපේ ආදරේ වැඩිවෙනවා. ඇත්තටම බිමල්ගේ ආදරේ දවසින් දවස වැඩි මිසක් අඩුවක් වෙලා නෑ. අපි විවාහ වෙන්නේ අවුරුදු හතරක් ආදරේ කරලා. මට අවුරුදු 22 තමා අපි ආදරේ කරන්න පටන් ගන්නේ. අපි විවාහ වෙද්දි සියට සියක් ගැළපුනේ නෑ. හැබැයි අපි පරණත වෙන්න වෙන්න අපිට සමහර දේවල් තේරුම් යනවා. අපි අවුරුදු 30දි දැක්ක විදහට වඩා වෙනස් විදිහකටයි අද ජිවිතේ දකින්නේ. ඉතින් ආදරේ කියන්නේ හරි සුන්දර දෙයක් අපි දෙන්නට.”

ජිවිතේ අනවශ්‍ය පිඩන ඇති කරගෙව අනවශ්‍ය සැලසුම් ඇති කරගෙන ගමනත් යන්න බලාපොරොත්තු නොවෙන බවයි සුජානි කියන්නේ. සැහැල්ලු බව එක්ක ජිවිතේ ඉස්සරහට යන්න ඇය බලාපොරොත්තු වෙන බවයි ඇය තව දුරටත් පවසා සිටියේ. රංගන ජිවිතය තුළ බිමල් ඇයට නිති දමානැද්ද යන්න අපි අහපු ප්‍රශ්නයටඇය දුන්නේ මේ වගේ පිළිතුරක්, “නෑ කවදාවත් නෑ. මම ගන්න තිරණ හරිනම් එයා මට උදව්කරනවා. වැරදිනම් ඒ ගැන පැහැදිලි කරලා දෙනවා. මට විවේකයක් ඕනිනම් එයා ඒකට ඉඩකඩ වෙන් කරලා දෙනවා.”

සුජානි මෙගා නාට්‍ය වලට සම්බන්ධ විම අත් හැරියද? “මෙච්චර කාලයකට මම සම්බන්ධ වුනේ මෙගා නාට්‍ය වලට. හැබැයි දැන් මම කැමති කොටස් 100 වගේ ටෙලිනාට්‍ය වලට සම්බන්ධ වෙන්න. මොකද මම නිර්මාණ ගුණාත්මකභාවය ගැන හිතනවා. මම මගේ සතුට වෙනුවෙන් තමා යම්කිසි නිර්මාණයකට එකතු වෙන්නේ. ස්ථාවරත්වයක් නැතත් මම කැමති ඒ විදිහට රංගන කටයුතු කරන්න. මිට පස්සේ මම හැම නිර්මාණයකටම සම්බන්ධ වෙන්නේ නෑ. විවිධත්වයක් තියෙන නිර්මාණ වලට මම සම්බන්ධ වෙනවා.”

සුජානි කාලයක් නිහඩ වෙලා හිටියත් ඔබව අධ්‍යක්ෂක වරුන්ට අමතක නොවෙන චරිතයක් වෙලා නේද? “අවුරුද්දක් විතර මම කලාවට සම්බන්ධ වුනේ නෑ. කලාව ඇතුලේ අපි එක පවුලක් වගේ. ඉතින් කාලයක් නිහඩ වෙනවා කියන එක ලේසි නෑ. ඇත්තටම මාව කාටවත් අමතක වුනේ නෑ. ඒක මගේ වාසනාව.” මේ දිනවල ඇය ගැන කතා වෙන්නේ පෝර්ක් විදිය හරහා ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන සුජානිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *