Sat. May 21st, 2022

ඇය මෙරට නම ජාත්‍යන්තරයට ගෙන ගිය සුරූපිනියක්. 2007 වසරේදී විශ්ව රූ රැජින කිරුළ පැළඳීමත් සමග අයියා දෙස් විදෙස් රසිකයින්ගේ ආදරයට පත්වුණ නිරූපිකාවක්. නමින් ඇය අරුණි රාජපක්ෂ. ඒ නිරූපිකාවක් නිවේදිකාවක් රංගන ශිල්පිනියක්ද වෙනවා. ඒ වගේම ආදරණීය මවක් මෙන් ම ආදරණීය බිරිඳක් ද වෙනවා. ඇත්තටම වයසත් එක්ක විලාසිතා වෙනස් වෙනවද, ඔව් ඒ කතාව ඇත්තක්.මොකද මම මුලින් නිරූපිකාවක් විදියට ඇඳපු ඇඳුම් ඒ වයසට ගැළපෙන ඇඳුම්. නිවේදිකාවක් විදියට වැඩ කරද්දි මම කැමැති මගේ ඇඟට ගැලපෙන ඇඳුම් අඳින්න. මම අද විලාසිතාවක් කරද්දි මූලිකත්වය දෙන්නේ මගේ දරුවන්ට මගේ ස්වාමියාට ගැලපෙන ඒවා. කොහොමත් විලාසිතා කියන දේ කාලෙන් කාලෙට වයසත් එක්ක වෙනස් වෙනවා.

අපි විලාසිතාවක් කරද්දී සැලකිලිමත් වෙන්න ඕන මොන වගේ දේවල් ගැන ද, අංක එක විදියට මම දකින්නේ ඇඟේ හැඩය පේන්න ඕනේ. මොකද අපේ කාගෙවත් ඇඟවල් අංගසම්පූර්ණ විදිහට නිර්මාණය වෙලා නැහැ. එනිසා ඇඳුමකින් ඇගේ හැඩය පේන්න ඕනේ. කාලේන් කාලේට මොන විලාසිතාවක් ආවත් තමන්ට ගැළපෙන්නේ නැත්නම් ඒ විලාසිතා කරන්න හොඳ නැහැ. තමන්ට ගැලපෙන ඇඳුමක් ඇන්දහම අපිට මනසට වුණත් සතුටක් දැනෙනවා. රූපවාහිනිය පුවත්පතකින් ඩමියකින් දැක්ක පමණින් ඇඳුමක් මිලදී ගන්න හොඳ නැහැ. ඇදුමකින් පුළුවන් මනුෂ්‍යයෙකුගේ පෞර්ෂත්වය මනින්න.

අනාගතයේදි විලාසිතා ගැන සැලකිලිමත් වෙනවාද, අනිවාර්යෙන්ම ඔව්. අපි වයසට ගියා කියලා රෙද්ද හැට්ට සාරි අදින්න ඕන කියල නියමයක් නැහැ. වයසට ගියත් අපි අපිට ගැලපෙන විලාසිතා තෝරා බේරාගෙන කරන්න පුළුවන් .

ඔබට විලාසිතා කරන්න ස්වාමියාගෙන් ලැබෙන්නේ කොයි වගේ සහයෝගයක්ද, එයා ගොඩක් කැමතියි මම ලස්සනට ඇඳල ඉන්නව නම්. සමහර වෙලාවට එයා මට විහිලු කරනවා මම විලාසිතා වලට ඇබ්බැහි වෙලා කියලා. මොකද මම කැමතියි මම වගේම එයාලා විලාසිතා කළ ලස්සනට ඉන්නවට. ගෙදර අය මට කියන්නේ ෆැෂන් පොලිසිය කියලා.

පුංචි කාලේ ඉදන්ම ඔබ විලාසිතා කරපු කෙනෙක් ද, පුංචි කාලේ ඉඳන්ම මම ලස්සනයි කියන වචනය මට ඇහුණා. හැබැයි ඇත්තම කතාව මට මම ලස්සන කියලා දැනුනේ මට මගේ දරුවො දෙදෙනා ලැබුනට පස්සේ. ගොඩක් අය කියනවා ඒ දෙන්නා අම්මා වගේම ලස්සනයි කියලා. ඒ කතා ඇහෙනකොට මට හිතෙනවා ඇත්තටම මම ඒ තරම් ලස්සනද කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *