Tue. May 17th, 2022

ප්‍රමුදි කරුණාරත්න කියන්නෙ පුංචි සුරංගනාවි සරෝජා වැනි චිත්‍රපට නිසාම වඩාත් ජනප්‍රිය වුණ චරිතයක්. ජනප්‍රියත්වයේ කිරුළ ඇයට හිමි වුවත් ඇය විවාහය සමග කලාවෙන් ඈත් වුණ චරිතයක්. මේ වන විට ඇය දරුවන් දෙදෙනකුගේ ආදරණීය මවක්. සිරස ටීවී නාලිකාවේ නාළිකාවේ විකාශය වුණ පුංචි පැංචි වැඩසටහනේ මුල්ම නිවේදිකාව ද වන්නේ ඇයයි. ඉරාන ජාතික සම්මාන උළෙලේදී සරෝජා චිත්‍රපටියේ රංගනය වෙනුවෙන් ඇයට හොඳම ළමා රංගනයට හිමි සම්මානය හිමි වෙනවා. ඒ වගේම බෝම්බ සහ රෝස යන චිත්‍රපටය තුළින්ද ඇයව දැක ගන්න ලැබෙනවා. මේ වන විට ඇය මවක් නිසාම ඇය සිය දරුවන්ට කැපවන බවයි ඇය පවසා සිටින්නේ.

ඔබ රංගනයෙන් දැක ගත නොහැකි වුනත් ඔබ තවමත් ජනප්‍රිය චරිතයක් නේද, ‘මම රංගනයෙන් අයින් වෙලා අවුරුදු පහ හයක් වෙනවා. මම හිතුවා මාව රංගනයෙන් අයින් වුණහම ප්‍රේක්ෂකයින්ට අමතක වෙයි කියලා. ඇත්තටම එහෙම දෙයක් සිදුවෙලා නැහැ. මම රංගනය සහ නිවේදනය යන දෙකම කළේ කුඩා වයසේදී. හැබැයි මං වගේ චරිතයක් ආදර්ශයට අරගෙන අදත් පුංචි පැංචි වැඩසටහන විකාශය වෙනවා. මට ගොඩක් සතුටුයි ඒ ගැන. ලොකු ගමනක ආරම්භය පුංචි පියවරක්, අද ඉන්න නංගිලා මල්ලිලා ගොඩක් දක්ෂයි. මගේ පැටවු දෙන්නත් ඒ වැඩසටහන බලනවා. ඇත්තටම මට වැගකිම් වැඩි නිසා තමයි මමත් රංගනයෙන් අයින් වෙන්නෙ.’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *