නාමල් රාජපක්ෂ කියන්නේ මෙරට හිටපු ජනාධිපති වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුතු. නාමල් කියන්නේ මෙරට ක්‍රිඩා ඇමතිවරයා වෙද්දි ඔහු සමාජ මාධ්‍ය වල වඩාත් ප්‍රසිද්ධ චරිතයක්. ඉතාම කාර්යබහුල ජීවිතයක් ගෙවන ඔහු කෙතරම් කාර්යබහුල වුණත් තම පවුල වෙනුවෙන් කාලය වැය වැයකිරීමට කටයුතු කරන පුද්ගලයෙක්.
ඔහු සමාජ මාධ්‍ය තුළින් තමාගේ පෞද්ගලික ජීවිතේ පිළිබඳව බොහෝ දෙනෙක් දැනුවත් කරනවා. පහුගිය දිනක ඔහු ලිමිණි බබා බලාගැනිමේ රාජකාරිය මට පැවරුවා යනුවෙන් සටහන් කර තිබුණා. ඔහුගේ instragram ගිණුම තුළ අපුරූ සටහනත් සමඟ අපූරු ඡායාරූප රැසක් ඔහු පළ කිරීමට කටයුතු කර තිබුණා. ඒ සටහන නම්
අම්මි අපිව තනියම ගෙදර දාලා ගියාම අපි නැගිටින්නේ මෙහෙමයි. ලිමිණි බබා බලාගැනිමේ රාජකාරිය මට පැවරුවා. මම දවසකට කේසරගේ සෙල්ලම් ගෙදර භාරගත්තා.