‘ලැජ්ජාව නිසා මට ගොඩක් දේවල් නැති වුනා’ මලක් වගේ සුන්දර වින්ඩි කියන කතාව

රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා කියන්නේ මෙරට කුඩා දරුවන් පවා දන්න දක්ෂ ගායන ලෝකයේ වැජඹෙන තරු දෙකක්. සංගීතය තුළ ඒ නම් දෙකම නමක් දිනා අවසන්. මොවුන් දෙදෙනාට දියණියන් තුන් දෙනෙක් වෙද්දි එක දියණියක් නිහඩව තම ගමන යනවා. ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඒ නිහඩ ගායිකාව සමඟ.

ඇය නමින් වින්ඩි ගුණතිලක. වින්ඩි කියන්නේ ගායනයෙන් පෝෂිත සියලු ගුණාංග වලින් පිරුණු සුන්දර යුවතියක්. ඇය සතු හඩට කිසිදු හඩක් සම නොවේ. ඉතින් ඇය ආව ගමන ගැන ඇය අප හා කියා සිටියේ මෙවැනි අදහසක් ” මගේ සංගිත ගමනට ම⁣ට මගේ අම්මා තාත්තාගෙන් ලොකු සහයෝගයක් ලැබුනා. හැබැයි එහෙම කියලා මම ආව ගමන ලේසි නෑ. ගොඩක් කැපකිරිම් කරන්න සිද්ධ වුනා. මම ගොඩක් ලැජ්ජාශිලි කෙනෙක්.

වේදිකවට නගින්න විතරක් නෙවෙයි පිරිසක් ඉදිරියේ මුහුණ දෙන්න පවා. ඉතින් පිරිසක් ලග ගිතයක් කියන්න පවා මට ලොකු වෙහෙසක් දරන්න සිද්ධ වුනා. ඉතින් ගායිකාවක් වෙනවා කියන එක මට ලේසි පහසු දෙයක් වුනේ නෑ. හැබැයි මගේ අම්මා තාත්තා නිරන්තරයෙන් මාව දිරිමත් කලා. මම ටික ටික මගේ ගමන එන්න අඩිතාලම හදාගත්තා”

මම හිතන්නේ ගායිකාවක් වුනහම එලිමහන් ප්‍රසංග ද, ගෘහස්ථ ප්‍රසංගද කියලා තෝර බේරගන්න බෑ. මොකද ඒ ඕනිම දෙයක් කරන්න හැකියාව තියෙන්න ඕන. මම හිතනවා අද වෙද්දි මට ඒ හැකියාව ලැබිලා තියෙනවා කියලා.”

ඔබේ පෙම්වතා ගැන කතා කලොත්, “ඔව් කවුරුත් දන්නවා මේ වෙද්දි මගේ පෙම්වතා සංගිත ලෝකයේම ඉන්න ජනප්‍රිය ගායක සනුක වික්‍රමසිංහ. හැබැයි අපි දැන්ම විවාහ වෙන එකක් නෑ. ඒකට තව ටික කාලයක් යාවි. කොහොම වුනත් මම සනුක එක්ක එකතුවෙලා සංගීතය පැත්තෙන් වැඩ ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා”

Leave a comment

Your email address will not be published. Required fields are marked *