‘ලස්සන වෙන්න ඕන නිසා මම බත් කන එක නතර කළා’ ජනප්‍රිය නිලි රුමාලි කියන කතාව

පාවෙලා වලාකුලේ ඒවිද අම්මා ටෙලි නාට්‍යයෙන් සිය රංගන ජීවිතය ආරම්භ කළ ඇය නමින් රුමාලි ගමගේ. ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්නයි. මුලින්ම ඔබේ රංගන ජීවිතය ආරම්භය ගැන කතා කළොත්, ”මගේ පළවෙනි ටෙලි නාට්‍ය තමයි පාවෙලා වලාකුලේ ඒවිද අම්මා. මීට කලින් මට රංගන අවස්ථා ලැබුණත් මම රංගනයට සම්බන්ධ වුණේ නෑ වැඩිපුර. හැබැයි එක සිනමා කෘතියකට සම්බන්ධ වුණා ආසාවෙන්. එය දේශපාලනය සම්බන්ධ නිර්මාණයක්.”

ඔබ නිරූපිකාවක් ද? ”2011 දී මම මෝස්තර නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ආවා. ඒ කාලේ මගේ ශරීරය බර වැඩියි. ඉතින් මං ශරීරයේ බර පවා අඩු කරගත්තා. මොකද මම නිරූපණ ක්ෂේත්‍රයටත් කැමති නිසා. කොහොමත් නිරූපිකාවක් උනාම සිරුරේ හැඩය ගැන ගොඩක් හිතන්න ඕන. සුන්දර සිරුරක් පවත්වාගන්න ලොකු කැප කිරීමක් කරන්න ඕන ඒක පහසු දෙයක් නෙවෙයි”

රුමාලිගේ සම පැහැපත් විම⁣ට හේතුව මොකක්ද? “මම සැලෝන් යන්නේ නැති කෙනෙක්. මම ස්වභාවික දේවල් තමයි පාවිච්චි කරන්නේ. මම අවුරුදු දෙක තුනක් තිස්සේ බත් කන්නෙ නෑ. ඒ වගේම තෙල් කෑම කන්නේ නෑ. පිටි කෑම කන්නෙත් නෑ. හැබැයි එළවළු පලතුරු වැඩිපුර ආහාරයට ගන්නවා. කොහොමත් මම උපතින්ම පැහැපත් කෙනෙක්. මම ආහාරපාන ගැන ගොඩක් සැලකිලිමත් කෙනෙක්. මම හිතන්නේ මගේ සමේ පැහැය මගේ ආහාර මත රඳා පවතිනවා කියලා.”

ඔබ ඕනැම චරිතයක් රඟපානවාද, මම මගේ ආත්ම ගෞරවය තියාගෙන රංගනයට සම්බන්ධ වෙන කෙනෙක්. මොකද අපිට පාරේ බැහැලා යන්න ඕන. ගරුත්වයක් නැති චරිත රගපාලා ම⁣ගේ ගෞරවය නැති කරගන්නමම කැමති නෑ. ඉතින් හොද ඕනිම චරිතයකට මම සම්බන්ධ වෙනවා.”

ඔබ ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ සිනමාව හරහා විතරයි ඇයි ඒ ”මෙහෙමයි මම සිනමාවට විතරක් කොටු වෙලා ඉන්න නිලියක් නෙවෙයි. හැබැයි මම ටිකක් තෝරා බේරාගෙන තමයි චරිත කරන්නේ. පහුගිය කාලෙ මට ටෙළිනාට්‍ය දෙකකට ආරාධනා ලැබුණා. බලමු ඒ ගැන. මම එකම තැනකට කොටු වෙන්නත් කැමැති නැහැ එකයි ගොඩක් නිර්මාණ වලට බෑ කියන්නේ”

Leave a comment

Your email address will not be published. Required fields are marked *