ලස්සන කෙල්ලෙක් නම් බදින්න තිබ්බ වයසයි වගේ කියලා රසිකාවියක් දැම්ම කෙමෙන්ට් එකට රහල් දුන්න සුපිරි පිළිතුර

කාලයකට කලින් තරුණ පරම්පරාව ඉතාම ආදරෙන් වැළඳ ගත්ත ජනප්‍රිය ගායකයෙක් තමයි රහල් අල්විස් කියන්නේ, ගායකයෙක් විදියට ආදරේ දිනාගෙන හිටපු රහල් අල්විස් පසුව රංගනයටඑළඹුනා, ඒ වගේම වැඩසටහන් ඉදිරිපත් කරන්නත් රහල් අල්විස් ගොඩක්ම දක්ෂයි, කොහොම වුනත් මේ දවස්වලනම් රහල් අල්විස් නිහඬ චරිතයක් වෙලා, ඒ වගේම රහල්ගේ අලුත් නිර්මාණයක් ප්‍රේක්ෂකයන් අතරට ආවේ නෑ, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගන්න සමත්වෙලා හිටපු රහල් අල්විස් සමග,

රහල ඇයි දැන් වැඩිය පේන්න නැත්තේ මොකද්ද ප්‍රශ්නේ..? ”මම සයිලන්ට් වෙන්න පටන් ගත්තේ 2019 වසරේ ඉඳලා, පාස්කු ප්‍රශ්නය ආවා ඊටපස්සේ කොරෝනා, හැබැයි ඒ ප්‍රශ්නෙට වඩා තවත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා, ඒ තමයි Super star,Dream star Real star වගේ බොරු තරු, ඒ තරු රැයෙන් රැයට බිහිවෙනවා, දැනුමක් නැහැ, ප්‍රතිපත්තියක් නැහැ, නිකන් හතු පිපෙනවා වගේ තරු මතුවෙන්නේ, ඉතින් මම තීරණය කළා ඒ අයට මේ ක්‍ෂේත්‍රයේ ඉන්න දීලා මම පැත්තකට වෙලා ඉන්න”

රහල් කියන්නේ චන්දියෙක්ද..? ”අනේ නෑ කවුද එහෙම කියන්නේ, මම චන්ඩියෙක් නෙවෙයි ගැහුවත් ගුටිකාලා පාඩුවේ ඉන්න කෙනෙක් මම, හැබැයි ඉතින් මෙහෙමයි මගේ පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා ඒ තමයි මට ඉක්මට කේන්ති යනවා, සමහර අය පෙරේතයි සමහර අය දුෂ්ටයි, සමහරු කුහකයි, තවත් සමහර අය ඉරිසියයි, ඒ වගේ තමා මට කේන්ති යනවා, තම මම චුට්ටක් පණ්ඩිතයි, හැබැයි මම මගේ තරහෙන් කාටවත් අයහපතක් වෙන්න ඉඩ තියන්නේ නෑ”

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රහල් පසුගිය දිනක විවාහ වුනා, ඉතින් මේ විවාහ උත්සවයට කළා ලෝකයේ තරු රැසක් සහභාගී වෙලා හිටියා, රහල්ගේ විවාහයේ චායාරූප කිහිපයක්ම සමාජ ජාලාවලට එකතු කරන්නත් රහල් අමතක කරලා තිබ්බේ නෑ, ඉතින් රහල් සමාජ ජාල වලට එකතු කරලා තිබ්බ පින්තුරයකට ඔහුගේ රසිකාවියක් අපූරු කමෙන්ට් එකක් දාලා තිබ්බා ඒ ‘ඔයිට වඩා ලස්සන කෙල්ලෙක් නම් බදින්න තිබ්බ වයසයි වගෙ ගොඩක් රහල්ට වඩා’ කියලා, ඉතින් මේ කමෙන්ට් එකට රහල් හරිම ආදරණීය ප්‍රතිචාරයක් දක්වලා තිබ්බා ඒ ‘රූපය කියන දේ තාවකාලිකයි. හෙට නැති වෙන්නත් පුලුවන්. ඒත් කෙනෙක්ගේ හදවතක ලස්සන කවදාවත් ම නැති වෙන්නෙ නෑ තාවකාලික රූපයට වඩා සදාතනික හදවතට ආදරෙයි මන්’ කියලා,

Related Posts

Leave a Reply

Your email address will not be published.