Tue. May 17th, 2022

මේ දවස්වල හැමෝම ආදරේ කරන ජනප්‍රිය ටෙල්ලිනාට්‍යක් තමයි ‘සංගීතේ’ කියන්නේ, ඉතින් මේ නාට්‍යයේ ඉන්න ප්‍රධාන චරිතය තමයි ‘අසේනි’ කියන්නේ. ඉතින් මේ දඟකාර කටකාර චරිතයට පන පොවන්නේ නවක රංගන ශිල්පිනියක් වන ගීත්මා බණ්ඩාර විසින්. අද අපේ කතාබහ ඇය සමගයි. ගීත්මා කොහොමද මේදවස්වල තොරතුරු ”සංගීතේ ෂූටින් තියෙනවා, ඒ වගේම බාරගත්ත වැඩ කිහිපයක් තියෙනවා. පහුගිය දවස්ටිකෙනම් ටිකක් කාර්යබහුල වුනා, හැබැයි දැන්නම් පොඩි විවේකයක් ලැබිලා තියෙනවා. ඉතින් මේ දවස්ටිකේ ගෙදරට වෙලා සතුටින් ඉන්නවා”

ගීත්මා රංගනයෙන් සමුගන්න යනවා කියලා ආරංචියක් යනවා ඇත්තද ඒක ”අනේ නැහැ කවදාවත් එහෙම හිතලා නෑ, මම රඟපාන්න ගොඩක් ආසයි. හැබැයි රංගනය මතම ජීවත් වෙන්න අදහසක් නෑ. ඒ නිසා මම ලෝ එන්ට්‍රස් කරන්න ඕන කියලා තීරණය කළා. නිවාඩු වෙලාවක රිලෑක්ස් එකේ ඉද්දි තමයි මට ඒ අදහස පහල වුනේ, මම අනාගතේ කොහොම හරි නීතිඥවරියක් වෙනවා.”

ගීත්මා කියන්නේ වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිනියක්ද? ”ඔව්, මම දැනට මගේ වෘත්තීය කරගෙන ඉන්නේ රංගන, හැබැයි මේ ක්ෂේත්‍රයේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා, මම හිතනවා දවසින් දවස පරිණත වෙනකොට තවත් බොහෝ දේවල් ජීවිතයට ලැබෙයි කියලා. ඇත්තම කියන වනම් ලංකාව වගේ රටක වෘත්තීය මට්ටමේ නිළියක් වෙලා ජීවත් වෙන්න අමාරුයි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *