ලංකාවේ හොඳම මිනිස්සු ඉන්නේ මීගමුවේ – ජනප්‍රිය නළු රන්දික ගුණතිලක

ලංකාවේ හැමෝම ගොඩක් ආදරේ කරන ටෙලිනාට්‍යක් තමයි ‘රැල්ල වෙරළට ආදරෙයි’ ටෙලිනාට්‍ය, ඉතින් මේ නාට්‍යයේ ප්‍රධාන චරිතයට පන පොවන ගොඩක් දක්ෂ නළුවෙක් තමයි රන්දික ගුණතිලක කියන්නේ, අද අපේ ක් අතාබහට අපි එකතු කරගත්තේ මේ වනවිට තරුණියන් රැසකගේ සිහින කුමාරයා වෙලා ඉන්න රන්දික සමග, රන්දික මේ දවස්වල රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයේ ශිවා නිසා ඔබ ගොඩක් ජනප්‍රියයි නේද..? ”මෙහෙමයි මම රංගනයට පිවිසෙන්නේ වේදිකාරංගනයෙන් , පස්සේ මම සිනමාවට සම්බන්ද වුනා, හැබැයි ශිවා කියන්නේ මට ලැබුන ලොකුම අභෝයෝගයක් තියෙන චරිතයක්, සාමාන්‍යයෙන් ඒක වෙන නළුවෙක් බාරගන්න චරිතයක් නෙවෙයි මොකද එක ඒ තරම් අමාරුයි, මොකද ඒ චරිතයේ අඩංගුවෙලා තියෙන සමහර දේවල් නළුවාගේ පෞද්ගලික ජීවිතයට පවා බලපාන්න පුළුවන් හැබැයි මම ඒ අභියෝගය බාරගත්තා”

ශිවාට ලැබෙන ප්‍රතිචාර කොහොමද..? ”ශිවාටනම් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා, ඕනෑම නළුවෙක් බලාපොරොත්තු වෙන්නේ හොඳ ප්‍රේක්ෂකාගාරයක් , අපේ රංගනය ප්‍රේක්ෂකයාගේ හදවතට දැනුනානම ඒ අය අපි දිහා බලන්නෙත් ඒ චරිතයේ ඇසින්, මගකදී හමුවෙන අය මගෙන් අහනවා කෝ බාබු, කෝ ඔයාගේ සුදු මැණිකේ කියලා අහනවා, අපේ පෞද්ගලික ජීවිතෙත් කතාවම කියලා හිතන තරමටම එයාලා ඒ චරිත වැලඳගෙන. කොහොම වුනත් අපිට හරිම සතුටුයි එහෙම ප්‍රතිචාර ලැබෙද්දී”

ශිවා කියන්නේ නිතරම මුහුදත් එක්ක ඔට්ටුවෙන චරිතයක්, වැල්ලේ කොල්ලෙක් කොහොමද ලැබුන අත්දකීන් එහෙම ”මේ නිර්මාණය රූගත කලේ මීගමුවේ, මම අද ඕනෑම තැනක කියනවා මීගමුවෙ තමයි හොඳම මිනිස්සු ඉන්නෙ කියලා, ඒ කිසිම කෙනෙක් අනිත් අයගේ දේවල් හොයන්නේ නෑ, එදිනෙදා හම්බ කරගෙන කනවා, බොනවා, සතුටුවෙනවා. ඇත්තම් කියනවනම් මම කලින් දැනගෙන හිටියේ නෑ ඒ පැත්තේ මිනිස්සු එච්චරටම හොඳ අය කියලා, ෂූටින් ගියාට පස්සේ තමයි දැනගත්තේ, හරිම සුහදශීලී පුදුම මිනිස්සු ටිකක් ඒ අය,”

කියන්න කොබලන්න රන්දික ඔයාගේ ආදරේ ගැන විස්තර ටිකක්, ” මගේ ආදරය ප්‍රසිද්ධ රහසක්. ඒක ගැන දැම්ම කතා කරන්න ඕන කියලා මම හිතන්නේ නෑ, තව ටික කාලෙකින් ඒ ගැන හැමෝටම දැනගන්න ලැබේවි ඉතින් එතකන් ඉවසලා ඉන්න, අපි හැමෝටම ජීවිතේ රහස් තියෙනවා නේ, මේක මගේ ජීවිතේ පුංචි රහසක් ඒ රහස ගැන පස්සේ කියන්නම්”

Related Posts