‘ලංකාවේ ඉපදුන එක ගැන පට්ට දුකයි’ රෝගාතුරව සිටින නිරෝෂා කියන කතාව

ගායන ක්ශේෂ්ත්‍රයේ අපි කවුරුත් හොඳින්ම අඳුනන, අවුරුදු තිහකට අධික කාලයක් ගායනයේ නියැළුන, සම්මානනීය ගායිකවක් වන ඇය නමින් නිරෝෂා විරාජිනී. ඇගේ මියුරු හඬට ආදරය නොකරන කිසිවෙන් නැති තරම්. ඒ තරම්ම මිහිරි හඬකින් ඇය ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ජනතාව අමන්දානන්දයට පත් කෙරූ ගායිකාවක්. මේ දිනවල ඇය රෝගි තත්වයකින් පෙලුනත් ඇය රියලිටි වංශ කතාවේ විනිශ්‍යවරියක් ලෙස හිරු ටිව් හිරුස්ටාර් හි කටයුතු කරනවා.

පවතින තත්වය ගැන ඇය මුලින්ම පවසා සිටියේ මේ වගේ අදහසත්. ”වසංගත තත්වය එක්ක කවදා රට මේ අගාදෙන් ගොඩ එයිද කියලා කියන්න අමාරුයි. පටන් ගත්ත කොන්සර්ට් හැම එකක්ම අතර මග නවත්තන්න වෙනවා. මුලින් තිබ්බ තත්වෙන් රට ටිකක් ටිකක් හරි ගියා. ඒත් ඒක වෙනස් වෙලා රට ආයෙම පරණ තත්වයටම පත් වෙලා. අලුතෙන් පටන් ගන්න හදපු concert ඔක්කොම නවත්වන්න වෙලා තියෙන්නේ. එනිසාම ගෘහස්ත ප්‍රසංග වලට අපිටත් යොමු වෙන්න වෙයි. මේ කාලේ ගොඩක්ම වැදගත් පරිස්සම නේ. නිර්මාණ කරන අනිත් අයටත් සල්ලි නැහැ. මේක අමාරු කාලයක්. අපිට නෙවෙයි කාට වුනත්. හැබැයි ගොඩක් වෙලාවට සංගිත ක්ෂේත්‍රයේ අය තමයි අසරණ වෙලා ඉන්නේ.”

මේ වගේ අර්බුදකාරී කාලයක කලාවටම වෙන්වුන අරමුදලක් නැති එක ගැන ඇය පැවසුවේ මේ වගේ අදහසක්. “මුලින්ම කියන්න ඕනෙ මට හරිම කණගාටුයි ලංකාව වගේ රටක ඉපදෙන්න සිද්ධ වුන එක ගැන. මොකද මේ කාලේ කලාවට, කලාකාරයින්ට වෙන් වුන අරමුදලකට වැඩිය කතා කරන්න ඕනේ සාමාන්‍ය මිනිස්සුන්ට වෙන් වුන අරමුදල් ගැන. මේ වගේ තත්වයකදි අපේ රටේ මිනිස්සු පෝෂණය කරන්න පුළුවන් කමක් ලංකාවේ රජයට කොහෙත්ම නෑ. වෙන රටවල ඉන්න මිනිස්සුන්ට රට මාසෙකට දෙකකට ලොක් ඩවුන් කරලා ඕන කරන මුදල් ගෙදරට යවන විදිහේ සැලසුම් තියනවා. අනික කලාකරුවන්ට පවා වෙන් වුන අරමුදල් තියෙනවා.

කල්පනා කරලා බැලුවොත් අපේ රටේ දෙන 5000න් සතියකට කන්න බෑ. සමහර මිනිස්සුන්ට වසංගතය කියලා ගෙදරට වෙලා ඉන්න පුළුවන් කමක් නෑ. එයාලා මොන දේ වුනත් මුදල් උපයන්න ඕනේ. මොකද හැමෝම මේ ගේම් එක ගහන්නේ කාලා බීලා ඉන්න. වෙන දේකට නෙවෙයි. අසමත් වෙච්ච රටක ඉන්න මිනිස්සුන්ට ජීවිතේ පරදුවට තියලා රස්සාවල් වලට යන්නම වෙනවා.

කලාව ගැන අවබෝධයක් නැති ජනතාවක් මේ රටේ බිහිවෙලා ඉන්නවා කියන මතය ගැන ඔබ මොකද හිතන්නේ… ” මට ආයෙමත් කියන්න තියෙන්නෙ මේ වගේ රටක කලාකාරයෙක් වෙන එක ඇත්තටම පවක්. ලතා මංගේෂ්කාර්ලා, මයිකල් ජැක්සන්ලා මේ රටේ ඉපදුනත් වැඩක් නෑ. මොකද එයාලට වටිනාකමක් මේ රට ඇතුලේ ලැබෙන්නේ නෑ. ඉන්දියාව වගේ රටක් ගත්තහම එයාලා කලාවට හරි ලැදියි. එයාලා ඒ දේවල් අඳුරගන්නවා. ඒත් අපේ රටේ නම් මට එහෙම දෙයක් පේන්නෙ නෑ. අපේ රටේ මිනිස්සු දන්නේ හැමෝටම බනින්න මඩ ගහන්න විතරයි.”

රියැලිටි තරඟවලින් එන නවකයින් වේදිකාවට නොගැලපෙනවා කියන දේ ගැන ඔබේ අදහස” මෙහෙමයි කෙනෙක් තරඟයකින් තේරිලා ආවා කියලා එයා ජනප්‍රිය වුනහම එයා ආවේ අර තරඟෙන් මේ තරඟෙන් කියලා කොන් කරන පිරිසක් අපේ රටේ ඉන්නවා. ඒත් මම නම් එහෙම දකින්නේ නෑ. කොහෙන් ආවත් දක්ෂයා දක්ෂයාමයි. අමරදේව මහත්තයා ආව විදියට, නන්දා මාලිනිය ආවේ නෑ. එයාලා ආව විදිහට මම ආවේ නෑ. ඒ නිසා එන කෙනා කොහෙන් ආවත් දක්ෂයා තමයි කාලයක් හදවත්වල රැඳෙන්නෙ. ඉන්දියාගේ ශ්‍රෙයා ගෝෂාල්, අර්ජිත් සින්ග් එහෙමත් ආවේ රියැලිටි තරඟවලින්. එහෙම ආවා කියලා එයාට නිසි තැන ඒ රටේ නොලැබී නෑනෙ. ඔය කියන විදියට බෙදන්න ගත්තහම මට අපේ රටේ මිනිස්සු ගැන මහ කාලකන්නි හැඟීමක් එන්නෙ.

ඒ වගේම සාමාන්‍යෙන් මම දේශපාලනයට සම්බන්ධ වෙන කෙනෙක් නෙවෙයි. මම අදහන්නේ කර්මය. අපි විසින්මයි අපි ගොඩනැගෙන්න ඕනේ. අනික තමා මම කාටවත් ඕනේ විදිහට වැඩ කරන්නේ නෑ. මාව අන්දන්න ගස්වල නග්ගවන්න කාටවත් බෑ. මගේ දුර්වලතා සහ දක්ෂතා ගැන මට හොඳ අවබෝධයක් තියෙනවා.

වර්තමානයේ නිරුවත කියන අපේ කලාව තුල මාකට් වෙනවද. “මෙහෙමයි ඕක අපේ රටේ ඇතුලේ අසාමාන්‍ය දෙයක් කියලා මම හිතන්නේ නෑ. මොකද සෙක්ස් කියන කලාව අපේ අටේ බිහිවෙන්නෙ අපේ අයගේ මනස නිසා නෙවෙයි. ඇමරිකාව ගත්තහම සෙක්ස් කියන දේට විවෘත රටක් ඒක. ඒත් ඒ රටේ ඇතුලේ ලිංගිකත්වය ගොඩක් මාකට් කරනවනේ. ගැහැණුන්ගේ කකුල් දෙක, පියයුරු, පස්සපැත්ත මොන තරම් මාකට් කරනවද? මට හිතෙන්නෙ ඒක හොඳ මාකටින් ටූල් එකක්. හැමෝගෙම අතට ෆෝන් එකක් යාම තුලින් අපේ රටේ වෙලා ” ගොඩයට මැජික්” කියන සංකල්පය වගේ දෙයක්.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *