ලංකාවට වඩා මට පකිස්තානයේ ප්‍රේක්ෂකයෝ ඉන්නවා – ජනප්‍රිය නිලි ටාශියා කාලිදාස

අපි හැමෝම ගොඩක් ආදරේ කරන වගේම ගොඩක්ම සුන්දර රුවකට හිමිකම් කියන රංගන ශිල්පිනියක් තමයි ටාශි කාලිදාස කියන්නෙ, ඉන්ටර්නැෂනල්, දාම්, චලෝ වැනි ටෙලිනාට්‍ය හරහා වගේම ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙනියමිනුත් ඇය ලාංකේය ප්‍රේක්ෂයින් අතර ගොඩක්ම ජනප්‍රිය වුනා. පසුගිය කාලයේ ටාශියා පාකිස්තානු රූපවාහිනී කතා මාලවකටද රංගනයෙන් දායකවුණා. ඒ වගේම ඇයගේ රංගන කුසලතාව අගය කරමින් පාකිස්තාන රජය විසින් ඇයට ගෞරව සම්මානයක්ද ප්‍රදාන කරලා තිබ්බා, ඉතින් අද අපේ කතාබහට එකතු වෙන්නේ ටාශියා කාලිදාසයි,

ඉතින් ටාශියා කියන්නකෝ බලන්න කොහොමද ඔබ රංගන ක්ෂේත්‍රයට සම්බන්ද වෙන්නේ..? ”මව කළා ක්ෂේත්‍රයට හඳුන්වලා දෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන දුලීකා මාරපන මහත්මිය, එතුමිය නිෂ්පාධනය කරපු ඉන්⁣ටර්නැෂනල් ටෙලි නාට්‍යයේ චරිතයට මාව තෝරාගත්තා, ඒ නාට්‍ය හරහා තමයි මම මුලින්ම කළා ලෝකයට සම්බන්ද වෙන්නේ. ඊට පස්සේ මම දනුෂ්ක රත්නායක මහතා නිර්මාණය කළ ‘දාම්’ ටෙලිනාට්‍ය සම්බන්ද වෙනවා, එහෙම තමයි මම කළා ලෝකයට සම්බන්ද වෙන්නේ”

ටාශියා පකිස්තානයේ නාට්‍යකට සම්බන්ද වුනා නේද..? ”ඔව් පාකිස්තානයේ තිරගතවුන sinf e aahan කියන රූපවාහිනී කතා මාලාව මම රංගනයෙන් දායක වුනා, ඒ වගේම මගේ රංගනය වෙනුවෙන් පාකිස්තාන රජය සහ යුද හමුදාව මට ගෞරව සම්මානයක් ලබාදීමට කටයුතු කලා, මට තිබුනේ යුද පුහුණුව සඳහා ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට ගිය කැඩෙට් වරියකගේ චරිතයක්. දැන් මට හිතෙන්නේ ලංකාවට වඩා මට ප්‍රේක්ෂකයෝ පකිස්තානයේ ඉන්නවා කියලා, සමාජ ජාලා හරහා පාකිස්තානේ ගොඩක් අය මට සුබපතනවා, ඒ වගේම ඒ අය මට ආයෙමත් පකිස්තානෙට එන්න කියනවා”

Related Posts

Leave a Reply

Your email address will not be published.