Tue. May 17th, 2022

රුසියානු යුක්රේන යුද්ධය කියන්නේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වෙන මාතෘකාවක්. මේ වන විට යුක්රේන් අගනුවර වන කිව් ඇතුළු ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වෙලා තිබෙනවා. බොහෝ ගුවන් ගමන් ද අවලංගු කර තිබෙනවා. එපමණක් නොව අන්තර්ජාල සේවාවටද බලපෑම් එල්ල වි තිබෙනවා. මේ තත්ත්වය නිසා ම යුක්රේන උප ජනාධිපතිපති මිහායිල් ෆෙඩෝරෝව් elon musk ගේ star link අන්තර් ජාල සේවාව යුක්රේනයට ලබා දෙන මෙන් ටිවිටර් ගිනුමක් ඉල්ලිමක් කර තිබෙනවා.

elon musk ගේ star link අන්තර් ජාල සේවාව යුක්රේනයෙ දියත් කර ඇති බවත් හැකි ඉක්මනින් ටර්මිනල් ගොඩක් එහි ක්‍රියාත්මක වන බවත් ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ලියා තිබුනා.

මේ ස්ටාර් ලිනික් අන්තර්ජාල සේවාව කියන්නේ අභ්‍යවකාශයේ සිට චන්ද්‍රිකා ඔස්සේ සපයන සේවාවක්. මෙයට චන්ද්‍රිකා 200ක් පමණ භාවිතා වෙනවා. මෙම චන්ද්‍රිකා මගින් අභියෝගාත්මක ප්‍රදේශ වලට අන්තර්ජාල පහසුකම් ලබාදිය හැකියි. වෙබ් ඉදිකඩි කිරීම් කළ නොහැකි ප්‍රදේශ වලට වේගවත් අන්තර්ජාතික පහසුකම් ලබාදිය හැකියි.

රුසියානු හමුදාව මේ වන විට යුක්රේනය අන්තර්ජාල සේවාව ඉලක්ක කර අවසන්. ඒ නිසාම මේ ස්ටාර්ලින්ක් සේවාව යුක්රේනයට උපකාර කරාවි යැයි අපේක්ෂා කරනවා. ඒ නිසා මොවුන් මෙම සේවය ඉල්ලමින් ඉල්ලීම් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *