Sat. May 21st, 2022

අද අපි කතා කතාකරන්න සූදානම් වෙන්නේ සුවිශේෂී පුද්ගලයෙක් එක්ක. ඇය පියුමි ශ්‍රිනායක. ඇත්තටම පියුම් කියන්න මේ දිනවල බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වෙන චරිතයක් නේද, මම එෆ් බී එකට දාන සමහර මගේ වීඩියෝ අරගෙන යූටියුබ් නාළිකාවල ප්‍රචාරය වෙන නිසා තමයි මම කතාබහට ලක්වෙන චරිතයක් වෙලා තියෙන්නේ. ඒ වීඩියෝ වෙනස් කරලා තියෙනවා. සමහර තැන් වලට සින්දු කෑලි දාලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකිනෙකට වෙනස් නිසාම ගොඩක් අය ඒ වීඩියෝ බලනවා. සමහරුන් ඒව ශෙයා කරනවා. ඒ හරහා තමා මම ජනප්‍රිය වෙලා ඉන්නේ.

ඔබ සමාජ මාධ්‍යට මුදා හැරපු වීඩියෝ වලින් වැඩිම ප්‍රතිචාර ලැබුන වීඩියෝ එක මොකක්ද, මම ඉන්දියානු ක්‍රමයට හැඩ වුණ bridal shoot එකට වැඩිම ප්‍රතිචාර ලැබුණා. ඒ වීඩියෝ එක බොහෝ දෙනෙක් බලලා බොහෝ දෙනෙක් ශෙයා කරලා තිබුණා. ඒ වගේම මම මෑතකදී මගේ යූටියුබ් නාලිකාවට වීඩියෝ එකක් දැම්මා. ගොඩක් වෙලාවට ඒ වීඩියෝ එකට ලැබුණේ විවේචන තමයි. මම ඒ වීඩියෝ එක කලේ රුවන්වැලි මහා සෑයට ගිහිල්ලා. මම ඒ ස්ථානයට ඇදගෙන ගියේ කළු පැහැති ඇඳුමක්. මට එහෙම ඇදගෙන යන්න සිද්ද වුනේ ඒ කාලේ මම අනුරාධපුරයේ රූගත කිරීම් වගේ කට සම්බන්ධ වෙලා හිටපු නිසා. මම හිතුවේ නැහැ මට රුවන්වැලිසෑයට යන්න අවස්ථාව ලැබෙයි කියලා.

අනික වෙලාව ගැනත් ලොකු විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ නිසාම මම සුදු ඇඳුමක් අරගෙන ගියේ නැහැ. හැබැයි මට අනුරාධපුරේ යන්න ආසාවක් ආව නිසාම මම කළු පැහැති ඇඳුමකින් සැරසිලා යන්න ගියා. ඒ ඇඳුම ගොඩක් සංවර ඇඳුමක්. කොහොම උනත් ඒ වීඩියෝ එක යූටියුබ් එකට අප්ලෝඩ් කරාට පස්සේ ගොඩක් අය මට බැණලා තිබුණා. මට බැනලා ප්‍රතිචාර දක්වලා තිබුණා. මේ වෙද්දි ඒ වීඩියෝව මිලියනයකට වඩා නරඹලා තියෙනවා. කොහොම උනත් මම කියන්නේ බෞද්ධ ස්ථානයකට යන්න ඇඳුම වැදගත් නැහැ. සිතේ ශ්‍රද්ධාව තමා වැදගත් වෙන්නේ. ඒ දේ තේරුම් ගන්න බැරි මනුස්සයෝ හැමදේම දකින්නේ වැරදි ඇසකින්.

ඔබට විවේචනය එල්ල වෙන අවස්ථා වලදී ඔබ එයට පිළිතුරු දෙනවා ද, අපොයි කොහොමවත් නැහැ. මම ඒ වගේ දේවල් වලට ප්‍රතිචාර දෙන කෙනෙක් නෙවෙයි. මම හැමදේම දිහා පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. තැනට සුදුසු විදිහට අඳින්න පළදින්න මම හොඳට දන්නවා. මට එල්ලවෙන විවේචන ගැන ඒ නිසා මම හිතන්නේ නැහැ. අනික මම විවේචන කියන දේවල් ගණන් ගන්න කෙනෙක් නෙවෙයි. කොහොම වුණත් අපි කරන්න ඕනෑ ම වැඩක හොඳ නරක දකින දෙකොටසක් ඉන්නවා.

මේ ක්ෂේ්ත්‍රය තුල ඔබට වචන කියන ඉන්නවද, තව නම් මට එහෙම කවුරුත් කිසිම දෙයක් කියලා නැහැ. කොහොම වුණත් මේ කේෂ්ත්‍රයේ ඉන්න බැරි ගැහැනු පිරිසක් ඉන්නවා නේ. නිරූපණ ක්ෂේත්‍රයට හෝ රංගන ශ්‍රේෂ්ත්‍රය ට පිටතින් ඇවිත් තමන්ගේ නම කැත කරගන්න පිරිසක් ඉන්නවා. අන්න ඒ වගේ අය නිසා හැමෝම දිහා බලන්නේ වැරදි කෝණයකින්. එකම එක චරිතයක් නිසා මේ කේෂ්ත්‍රය නරකයි කියලා කියන්න පුළුවන් කාටවුනත්. ඒ නිසාම අපි දැනගන්න ඕනේ හරි පාර තෝරගෙන අපේ ගමන යන්න.

මේ ක්ෂේත්‍රය තුළ ඔබට මුහුණ පාන්න සිදුවුන ගැටලු ගැන මතක් කළා, මට එහෙම කිසිම ගැටලුවකට මුහුණපාන්න මුහුණපාන්න සිදු වෙලා නැහැ. තමන් හරි විදිහට ජීවත් වෙනවා නම් තමන්ගෙ ඇඟට බලෙන් කිසිම දෙයක් එන්නේ නැහැ. තමන් වැරදිනම් තමයි බාහිර බලපෑම් වුණත් වැඩි වෙන්නේ. කටකතා කියන දේවල් ඕනම තැනක තියෙන්න පුළුවන්. ඒ දේවල් වලට අපිට වුණත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් ඒවා මම අහන්නෙත් නෑ ගණන් ගන්නෙත් නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *