Tue. May 17th, 2022

හැමෝම ගොඩක් ආදරේ කරන සුන්දර රුවකට උරුමකම් කියන රංගන ශිල්පිනියක් තමයි රුක්ෂානා දිසානායක කියන්නේ. ඉතින් අපි හිතුවා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රුක්ශානා එක්ක ටිකක් කතා කරන්න. රුක්ශානා මේ දවස්වල ටිකක් බිසී වගේ නේද ”ඔව් මගේ ඩාන්සින් ඇකඩමි එකේ වැඩත් එක්ක ටිකක් කාර්යබහුල වුනා, ඒ වගේම මේ දවස්වල ඩාන්සින් ගෘප් එක ප්‍රසංගවලට යන නිසා කාර්යබහුලයි”

රුක්ශානා කියන්නේ ගොඩක් සුන්දර තරුණියක් ඉතින් අපිට කියන්න කවුද ඔයාගේ අතගන්න ඉන්න තරුණයා ”ඇත්තම කියන්නම් මම දැන් පෙම්වතියක් නෙවෙයි. මොකද අවුරුදු හතරක් තිබ්බ අපේ ආදර කතාව ඉවරවුනා. හැබැයි මම තනිව ඉන්නවා කියලා තීරණය කරලා නෑ. මම කොච්චර අවංකව ආදරේ කලත් මම ආදරෙන් පැරදෙනවා. ඒ නිසා ආයේ මට අවංක කෙනෙක් ලැබුනොත් මම එයාට ආදරේ කරනවා. එයාගේ රැකියාව තරාතිරම මට අදාළ නෑ. මම ආදරේ කරන්නේ ෆීලින් වලට”

හරි ඔබගේ ආදරවන්තයා කිවුවොත් ඔබට රංගනයෙන් ඉවත්වෙන්න කියලා? ”මම ආදරේ කරන්න තෝරා ගන්නකොටම මගේ රංගන ජීවිතේට ලබාදෙන සහයෝගය ගැන හිතනවා. කොහොමත් මම මගේ පවුල් ජීවිතේට අංක එක දෙනවා. මම මේ දක්වා මේ ගමන ආවේ මගේ මහන්සියෙන්, ඒ නිසා මම රංගනයෙන් සමුගන්නේ නෑ, මම තෝරාගන්නේ මගේ කළා දිවියට උපරිම සහයෝගයක් දෙන කෙනෙක්”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *