‘රවන ගොරවන හැමෝටම මම දෙන්නේ හිනාව’ ජනප්‍රිය නිලි නුරානි කියන කතාව

නවක පරපුරේ රංගන ශිල්පිනියක් ලෙස හදුන්වන්න පුළුවන් ඇය නමින් නුරානි තෙන්නකෝන්. අද අපේ කතාබහට ඇයව එකතු කරගන්නවා. කුරුණෑගල ප්‍රදේශයේ උපත ලබන නුරානි හොරණ ශ්‍රි පාලි මණ්ඩපයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්. සරසවියට ඒමට කලින් ඇය නිදහස් මාධවේදිනියක් ලෙස කටයුතු කර තිබෙන අතර සරසවි කා⁣ලයේ රංගනයට එකතු වෙනවා.

ඉතින් නුරානි ඔබ රංගනයට සම්බන්ධ වුනේ කොහොමද ? “මම රංගනයට එනවා කියන තැනක හිටියේ නෑ. මට ඕනි වුනේ මාධවේදිනියක් වෙන්න. මම උසස් ⁣පෙළට කලෙත් සිංහල, ජන සන්නිවේදනය, තොරතුරු තාක්ෂණය. ඒත් මට සරසවියට එන්න වුනේ සිනමා අංශයෙන්. එතනින් තමා ම⁣ගේ ගමන වෙනස් වුනේ.එ සිද්ධ වුන දේ හොද විදිහට අරගෙන මම දැන් ඉස්සරහට යනවා.

අවි කදුල මගේ ප්‍රථම නිර්මාණය. ඒ නිර්මාණයේ වැඩ අවසන් වෙනවත් එක්කම මට තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබෙනවා. ඒ අතරේ සිනමා කෘතියකත් සුළු චරිතයකට මට සම්බන්ධ ⁣වෙන්න හැකියාව ලැබෙනවා. මම කොහොමත් නිර්මාණයේ ලොකු පොඩි චරිත හොයන්නේ නෑ. මොකද මේක ම⁣ට ජිවිතේ ලැබුන ලොකු අවස්ථාවක්.”

ඔබ නිතරම හිනා වෙනවා කියන්නේ, “ඒක මගේ පුරුද්දක්. මට කවුරු හරි බැන්නත් මම කරන්නේ හිනාවෙන එක, ජිවිතේ මට ප්‍රශ්නයක් ආවත් මම කරන්නේ හිනාවෙන එක. මොකද එතකොට ප්‍රශ්නයක් නෑ වගේ ඉන්නත් පුළුවන්. දකින කෙනෙක් මාව නොදන්න කෙනෙක් එකපාර මාව දකිද්දි ඇත්තටම මට පිස්සු කියලා හිතනවා ඇති. මොකද මම නිතරම හිනා වෙන නිසා. හැබැයි මම කැමතියි හිනාවෙලා ඉන්න නිතරම සරලවම කියනවනම් මට රවන ගොරවන හැමෝටම මම දෙන්නේ හිනාව”

ඔබේ ඉදිරි කටයුතු,? “අලුත් නිර්මාණ කිහිපයකට මට ආරාධනා ලැබුනා. ඒ අතරේ මට මියුසික් විඩියෝ කිහිපයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. මම ඒවානම් තෝරබේරගෙන යන්නේ. මොකද අඩන වැළපෙන ඒවාට මම වැඩිය කැමති කෙනෙක් නෙවෙයි. මම ඉගෙන ගන්න දේවල් වලින් මේ රටට දෙයක් කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ”

ඔබ ගැන කිවොත්, “මම මගේ පාඩුවේ ඉන්න කැමති කෙනෙක්.කැම්පස් එකේ උනත් පිකටින්,උපවාස කිසි දේකට නෑ. දේශපාලනයට කැමති නෑ. දඟකාර චරිතයක්. හැබැයි අහිංසකයි පුංචි දේවල් වලටත් මෙගේ හිත රිදෙනවා”

Leave a comment

Your email address will not be published. Required fields are marked *