‘රන්දික ගැන මට අමුතුවෙන් ඉගන ගන්න දෙයක් නෑ’ ජනප්‍රිය නිලි මනෝජා කියන කතාව

මනෝජා ප්‍රනාන්දු කියන්නේ පුතු ටෙලි නාට්‍යය හරහා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත්ත නවක රංගන ශිල්පිනියක්. ගීත රූප රචනා වලට පෙනී සිටින ඇය අද බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ චරිතයක්. ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්නයි. ඇගේ මුල්ම නිර්මාණය පානාමංකඩ වුවත් ඇයි රසිකයන් අතරට එන්නේ පොදු ටෙලි නාට්‍යය නිසා. පොදු ටෙලි නාට්‍යය ඇ⁣ගේ දෙවන නිර්මාණය බවයි ඇය පවසා සිටියේය.

කොහොමද පොදු ටෙලි නාට්‍යය ඔබට දැනෙන්නේ, ”පොදු ටෙලිනාට්‍ය කියන්නේ මගේ දෙවෙනි නිර්මාණය, ඇත්තටම මම මේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න ලොකු කැමැත්තක් මොලේ තිබුණෙ නැහැ. මොකද මම රංගනය කියන දේට වැඩි කැමැත්තක් තිබුනේ නැති නිසා. හැබැයි පොදු ටෙලි නාට්‍ය හරහා මට ලොකු ප්‍රේක්ෂක ආදරයක් හිමිවුණා. ඒ ආදරය ලැබෙද්දී හිතුන අපරාදේ මං මේකට සම්බන්ධ නොවුනානම් කියලා. රසික ආදරය ලැබීමත් එක්ක තමා මට හිතුනේ මම මේ නිර්මාණයට සහභාගිවීම කොච්චර දුරට ජීවිතයට වටිනාකමක් දුන්නද කියලා. ගොඩක් වෙලාවට මම ටෙලි නාට්‍යවලට සම්බන්ධ නොවුනේ මම මියුසික් වීඩියෝ හරහා ඇවිත් සිනමාවට සම්බන්ධ වුණ නිසා. ඒ නිසාම තමයි මුලදී පොදු ටෙලිනාට්‍යය භාර ගන්නත් බැහැ කීවේ.”

පොදු ටෙලිනාට්‍ය ටෙලි නාට්‍ය තිර ගත වෙද්දී ඔබ සහ රන්දික අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා කට කට කතාවක් පැතිරුණා ඒ ගැන මොකද හිතන්නේ, ”රන්දික අයියා කියන්නේ මට මගේ සහෝදරයෙක් වගේ. අපි පොදු ටෙලිනාට්‍යය රඟපාන්න කලින් ඉඳලම ඉදලම දන්නවා. අපේ පවුලේ අයත් සමීපව කටයුතු කරනවා. රන්දික අයියා ගේ රහස් මම දන්නවා මගේ රහස් රන්දික අයියා දන්නවා. ඒ විදියට සහෝදරකමක් තමයි අපි අතර තියෙන්නේ. පොදු ටෙලි නාට්‍ය හරහා සිද්ධ වුණේ අපේ සහෝදරකම තවත් වැඩි වුන එක.

නර්තනයට වැඩි ආශාවක් දක්වපු ඔබ කොහොමද රංගනයට පිවිසුණේ, ”මම පුංචි කාලේ ඉඳන් නර්තනය කියන දේට ආස කෙනෙක්. ඒ නිසා මම හැමදාම හිතුවේ නර්තනය එක්ක රංගනය කියන දේ වැඩි දියුණු කර ගන්න. මම උසස් අධ්‍යාපනය ටත් රංගනය කියන දේ එකතු කර ගත්තා. ටික ටික මට ආරාධනා ලැබෙද්දී මම හිතුවා රංගනය ඔස්සේ මගේ ගමන ආරම්භ කරන්න. පුංචිම කාලේ චිත්‍රපටි බලද්දි රංගන ශිල්පිනියක් වෙන්න ආස කළා. ඊට පස්සේ ඒ ආසාව නැති වුණා. කොහොම වුණත් පුංචි කාලේ හිතේ තිබුණු ආසාව ඉෂ්ට වුණා කියලා තමයි දැන් හිතෙන්නේ.

ඔබේ නිර්මාණයක් තෝරා බේරගන්නෙ කොහොමද, ඇත්තටම මම නිර්මාණයකට සම්බන්ධ වෙන්න කලින් නිර්මාණයේ නිශ්පාදකවරයා පිටපත ලීවේ කවුද පිටපත කොහොමද රඟපාන රංගන ශිල්පීන් ශිල්පිනියන් කවුද යන්න හොයලා බලනවා. එහෙම බලලා තමයි මම නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ

මේ ක්ෂේත්‍රය තුළ කතාවක් අහගන්නේ නැතුව සිටීම අපහසු යි ද, මම නම් එහෙම හිතන්නේ නෑ. මම නිර්මාණයකට සම්බන්ධ වෙද්දි මම හිතන්නේ එල්ලවෙන විවේචන ගැන නෙවෙයි නිර්මාණය ගැන. මගේ නිර්ණායකවලට ගැලපෙන නිර්මාණයක් මට ලැබුනොත් මම අනිවාර්යයෙන් සහභාගි වෙනවා. සමහර දර්ශන තල සිප ගැනීම් වුණත් මනුස්සයෝ මොනවා හිතයිද කියලා හිතලා මම ඒක නොකර ඉන්නේ නැහැ. මට මගේ පවුලෙනුත් නිර්මාණ වලට කිසිම බාධාවක් එල්ල කරන්නේ නැහැ. ඒ නිසාම මම මනස නිදහස්ව තියාගෙන නිර්මාණ වලට සම්බන්ධ වෙනවා. නිර්මාණය හොඳ ද නැද්ද කියන දේ මත තමයි මම සම්බන්ධ වීම තීරණය කරන්නේ. නැත්නම් විවේචන ගැන හිතලා නෙමෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *