අපේ රටේ ජනප්‍රියම ටෙලිනාට්‍ය තමයි දෙවෙනි ඉනිම කියන්නේ, ඉතින් මේ නාට්‍යයේ ඉන්න විලන් චරිතයක් තමයි මේනකගේ බිරිඳ. ඉතින් මේ විලන් චරිතයට පන පොවන්නේ අරුණි මෙන්ඩිස් විසින්. ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ අරුණි මෙන්ඩිස් සමග, අරුණි හිටපුගමන් වෙනස් වුනේ ඇයි ”පහුගිය කාලයේ මම ගොඩක්ම කාර්යබහුල වෙලා හිටියා. ඒ වගේම නිවේදන කටයුතුවලත් නියැලුනා. ගොඩක්ම බිසී කාලයකට පස්සේ රිලැක්ස් එකටත් එක්ක වෙනසක් කරන්න ඕනෑ කියලා මම හිතුවා. ඒ නිසාම මගේ තිබුණු කොණ්ඩය කොටටම කපලා දැම්මා. ඒක තමයි ඉතින් මගේ වෙනස.”
අරුණි මේ දවස්වල දෙවෙනි ඉනිමේ ‘නිලු’ චරිතයෙන් ඉවත්වෙලාද ? ”ඇත්තම කියනවනම් ඒ ප්‍රශ්නේ මගෙන් හැමෝම අහනවා. දෙවෙනි ඉනිම කියන්නේ මෙගා නාට්‍යක්. ඒක එක එක පැතිවලට ගලාගෙන යනවා. මේ දවස්වල මේ කතාව ගලාගෙන යන්නේ වෙනමම පැත්තකට. ඉතින් ඒ පැත්තේ නිලූ නෑ. ඒකයි හේතුව. නැතුව මම කතාවෙන් ඉවත් වෙලා නෙවෙයි.”
අනාගතය පිලිබඳ හිතද්දී දිගටම මේ වෘත්තීය දිගටම කරන්නද හිතාගෙන ඉන්නේ ”මහේමයි මම කැමතිම රංගන ශිල්පිනියක් විදියට මාව හඳුන් වනවට, හැබැයි අපේ රටේ තියෙන තත්වය එක්ක රංගන ශිල්පිනියක් විදියට වෘත්තීමය වශයෙන් ඉන්න ටිකක් අමාරුයි. ඉතින් මම දන්නේ නෑ දිගටම මට මේ විදියට මේ වෘත්තීය කරගෙන ඉන්න පුලුවන්ද කියලා. ඉතින් පුළුවන් කාලයක් මම මේ විදියටම ඉන්නවා”