‘රටට සෙතක් වෙනවනම් දේශපාලනේට එන්නත් බැරිකමක් නෑ’ ජනප්‍රිය නිලි උමාලි කියන කතාව

උමාලි තිලකරත්න කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම දක්ෂ ගායිකාවක්. ඇය නිරන්තරයෙන් රංගනය තුළ දකින්න නොලැබුනත් ඉදහිට හෝ කලාවට සම්බන්ධ වෙන්නේ ඇය තුළ ඇති කලා හැකියාව නිසා. නිදහස් ජිවිතයක් ගෙවන උමාලි ලියන්න කියවන්න ආස කෙනෙක් බව කවුරුත් දන්න කරුණක්. ඇගේ හිතට දැනෙන ඕනිම දෙයක් වචන කරන්න ඇය උපන් දක්ෂතාවයක් ඇති අයෙක්. නිසදෙස් කෙටි කතා කවි පවා ඇය අතින් ලියවෙද්දි ජිවිතේ කියන දේ දිහා හරි සරල ලෙස දකින්න ඇය පුරුදු වෙලා.

ඇය ලියන නිසාම අපි ඇයගෙන් ඇහුවේ දවසක ඇය පොත් ලියන්නියක් වෙයිද කියලා. එයට අපිට ලැ⁣බුනේ මෙහෙම පිළිතුරක් “ඒක කියන්න බෑ දැන්ම. හැබැයි එහෙම නොවෙයි කියලා කියන්නත් බෑ පෞද්ගලිකව මම මේ ගෙවන ජිවිතේ මේ ගෙවන කාලේ අර්ථවත් විදිහට ගෙවන්න කැමතියි.” බොහෝ බාධක ප්‍රශ්න හමුවේ ජිවිතේ අඩියෙන් අඩිය නැගිටින උමාලි සතුටින් ජිවත් වෙන කෙනෙක්. ඇය ජපානයේ සිට මෙරටට පැමිණියේ කොරෝනා වසංගත සමයේ. ඇය එහි සිටියානම් මේ වන ඇය කරමින් සිටි ව්‍යාපාර වල නිරතවෙන්න තිබුන බවත් අප හා කියා සිටියා.

උමාලිගේ ගෙවුන ජිවිතේ ගැන ඇය අපිට කිවුවේ මේ වගේ කතාවක්. “මම කිසිම වෙලාවක අතීතය කියන දෙයින් වර්තමානය මනින කෙනෙක් නෙවෙයි. අතිතයේ සිද්ධ වුන දේවල් සිද්ධ වෙලා ඉවරයි. අතිතය වර්තමානය පටලගන්න තරම් මම මෝඩ කෙනෙක් නෙවෙයි. මම දැන් ජිවිත් වෙන්නේ මේ මොහොතේ. අතිතය ගැන වුනත් මට දුකක් දැනෙන්නේ නෑ. ගොඩක් අය මාව මානසිකව ව⁣ට්ටන්න හැදුවා. හැබැයි මම එහෙම වැටෙන කෙනෙක් නෙවෙයි.

එයා මගේ ජිවිතෙන් ගියා කියලා මම දුක් වෙන්නේ නෑ. මොකද ආදරේ කියන්නේ බලෙන් ලග තියාගන්න එකට නෙවෙයි. මගේ ජිවිතේ මට කිසිම වෙලාවක පසුතැවිමක් නෑ. මොකද මම හැමදේම දිහා සරලව බලන කෙනෙක්. මම කාටවත් වෛර කරන කෙනෙක් නෙවෙයි. තව කෙනෙකුගේ සතුට දැකලා සතුටු වෙන්න පුළුවන් මනසක් මට තියෙනවා. උමාලි කියන්නේ ඒ වගේ කෙනෙක්.”

ජිවි⁣තයෙ සෑම ප්‍රශ්නයකට මුහුණ දිමට තරම් ඇය ශක්තිමක් ගැහැණියක්. එමෙන්ම ධෛර්යවන්තයි. තමන් ලබන දැනුමෙන් සමාජයට දෙයක් කරන්න බලාපොරොත්තු වෙන බවයි උමාලි අප හා තව දුරටත් කියා සිටියා . ඒ වගේම දේශපාලනය පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ” මෙහෙමයි කළා කරුවන් දේශපාලනේට එන්න ඕන නෑ. කලාව සහ දේශපාලනය කියන්නේ තැන් දෙකක්. හැබැයි රටට වැඩක් වෙන රටට සෙතක් වෙනවනම් දේශපානයට පිවිසුනාට වරදක් කියන්න බෑ. මම වුනත් එහෙමයි රටට හොඳක් වෙනවනම් දේශපාලනේ හරි කරනවා’

Leave a comment

Your email address will not be published. Required fields are marked *