Tue. May 17th, 2022

අවුරුදු දහයකට කලින් ආසියානු විවාහක රූ රැජන කිරුළ දිනා ගත්තේ ඇයයි. කාලයක් විදෙස්ගතව සිටි ඇය නැවත ශ්‍රී ලංකාවට පැමිණ කොරෝනා නිසා ම මෙරට හිර වුණා. ඉතින් ඇය ගැන නොදන්න කෙනෙක් නැති තරම්. නමින් ශ්‍රීමාලි ෆොන්සේකා. මේ සූදානම ඇය ගැන කතා කරන්න. සකර්ම ටෙලි නාට්‍යය සහ මල් පිපෙන කාලේ ටෙලි නාට්‍ය තුළින් ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගන්න ඇය ජනප්‍රියත්වය කියන දේට අකමැති කෙනෙක්. ජනප්‍රියත්වයට වඩා ජීවිතේ සතුට හොයා යන ඇය ලංකාවෙන් ඇමරිකාවට යන්න හේතුව මේ විදියට අපිත් සමග කියා සිටියා, මම ස්ථිර පදිංචියට තමයි ඇමරිකාවට ගියේ. කෙටි විවේකයකට තමයි නැවත ලංකාවට පැමිණියේ. ඒ අතර කොරෝනා වලට මේ රටේ හිර වුණා .කොහොමත් මම නැවත විදෙස් ගත වෙනවා. මොකද දුවගේ අධ්‍යාපන කටයුතු නිසා. ඒ කොහොම වුනත් මට හරි දුකයි මම රඟපාන්න සම්බන්ධ වන චරිත දෙක දාලා යන්න.

සකර්ම ටෙලි නාට්‍යයත් මල් පිපෙන කාලේ ටෙලිනාට්‍යත් රූගත කිරීම් සිදු වෙන්නේ තැන් දෙකක. ඉතින් මේ තැන් දෙකකට මාරුවීම් ඔබට අපහසු නැද්ද, මට එහෙම කිසිම අපහසුවක් දැනෙන්නේ නැහැ. මොකද මම ගොඩක් ඇවිදින්න කැමති කෙනෙක්. ඇත්තම කිව්වොත් මම රඟපාන්න වුණත් කැමැති වුණේ ඇවිදින්න ඕන නිසා. ඒ කියන්නේ රඟපෑමට ආවේ ඇවිදින්න තියෙන ආසාවට. මම මහව යනවා. මම රාගල යනවා. මේ හැම තැනකම ගමන් කරද්දි මම ජීවිතේ අත් විදිනවා. ඉතින් ඒ නිසාම මම කැමැතියි වෙනස් වෙනස් තැන් වල රූගත කිරීම්වලට සම්බන්ධ වෙන්න. මොකද එතකොට ඇවිදින්න පුළුවන්.

සකර්ම ටෙලිනාට්‍ය ඔබට දැනෙන්නේ කොහොමද, ජීවිතයේ ගොඩක් දේවල් අත් විදින නාට්‍යයක චරිතයක් කිව්වොත් හරි. අවම පහසුකම් යටතේ මිනිසුන් කොහොමද ජීවත් වෙන්නේ කියලා දැනෙන්න පටන් ගත්තේ මට ඒ චරිතය තුළින්. මේ නාට්‍යයේ මගේ ගෙදර හරි දුප්පත් පැල්පතක්. කොහොම වුණත් දුප්පත් පැලේ වුනත් මිනිසුන් සතුටින් ජීවත් වෙනවා කියන්න මට දැනුනා.

ඒ ජීවිතයයි ඔබ ගෙවන ජීවිතය ඔබට දැනෙන්නේ කොහොමද, ඇත්තටම ඒ මිනිසුන් විඳින සුන්දරත්වය අපට විඳින්න බැහැ. මොකද අපේ මිනිසුන් අනිත් මිනිස්සුන්ගේ අඩුපාඩු වැරදි තමයි ගොඩක් හොයන්නේ. අපි විසින්ම අපි ජීවිත සංකීර්ණ කරගෙන ඉවරයි. හැබැයි ඒ වගේ අය තියෙන දෙයක් කාලා ඇලෙන් දොලෙන් නාලා විදින ජීවිතය හරිම සුන්දරයි. මම හිතන්නේ සකර්ම ටෙලිනාට්‍ය නිසා මමත් ජීවිතේ විදිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *