‘රඟපාන්න යද්දී මම කැමරාව ඉස්සරහා හිටගන්නවත් දන්නේ නෑ’ ජනප්‍රිය නිලි හංසිනී කියන කතාව

හංසිනි විමලසිරි කියන්නේ ගායිකාවක් වශයෙන් බොහෝ දෙනෙක් අදුරගත්ත චරිතයක්. නමුත් අද ඇයව අද බොහෝ දෙනෙක් දන්නේ රංගන ශිල්පිනියක් විදිහට. මෙගා ටෙලිනාට්‍ය කලාවෙ සංගිතය ටෙලිනාට්‍යයට රංගනයෙන් සිය දායකත්වය දෙන ඇය ගැන කතා කරන්නයි අද අපි සුදානම් වෙන්නේ. රංගනය පිළිබද කිසිදු ආසාවක් නැතුව ගායනය හරහා කලා කේෂ්ත්‍රයට පිවිසෙන හංසිනි නික්මයාම ⁣ටෙලි චිත්‍රපටය හරහා රංගනය පිවිසෙනවා.

ඉතින් අපි හිතුවා ඇයගෙන් මේ වගේ ප්‍රශ්නයක් අහන්න ඇත්තටම ඔබට පාසල් කාලේ මොන වගේ අරමුණක්ද තිබුනේ? “මම සංගිතය කියන දේ විෂයක් විදිහට හදාරලා නෑ. මොකද මම නර්ථනය කියන දේ කලේ. මම දවසක් පාසල් වේදිකාවේ මුහුදු පුත්තු නාට්‍යයේ මුහුදු පතුල ගීතය නර්ථනයේ යෙදෙමින් ගායනා කලා. එදා තමා මම මගේ කලා හැකියාව දැනගත්තේ. හැබැයි කාලයක් යද්දි නර්ථනය කියන දේ මගේ ජිවිතයෙන් ඈත් වුනා.”

ඔබ ගෙවන වර්තමාන ජිවිතය කොයි වගේද? “ජිවිතේ සුන්දරව ගෙවීගෙන යනවා. ප්‍රශ්න නැතුවම නෙවෙයි. අපේ ජිවිත වලත් ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැති ජිවිත කොහෙවත් ඇති කියලා මම නම් හිතන්නේ නෑ. අපි ප්‍රශ්න වලට මුහුණ දිගෙන ජිවිතේ ඉස්සරහට යන්න ඕන. මට ඉක්මනින් කේන්ති යනවා. හැබැයි ඉක්මනට ඒ තරහ නිවෙනවා. මාව අඩවන්න පුළුවන් මම ලගම ඉන්න අයට විතරයි.

මොකද මම ඕනවට වඩා ජිවිතේ ගැන බලාපොරොත්තු තියාගන්න කෙනෙක් නෙවෙයි. ඒ නිසා සමහරු හිතයි මට තියෙන්නේ ගල් හිතක් කියලා. එහෙම වෙන්න පුළුවන්.හැබැයි මාව දන්න අය දන්නවා මම කවුද මම කොයි වගේ කෙනෙක්ද කියලා. ඉතින් ඔය විදිහට තමා මගේ ස්වරූපය එක්ක මගේ ජීවිතය ගෙවිලා යන්නේ.”

රංගනය කියන දේ ඔබ දකින්නේ කොහොමද ? “ඒක පේනතරම් සුන්දර දෙයක්නම් නෙවෙයි. එහෙම කියලා ඒක අසුන්දර දෙයකුත් නෙවෙයි. ඒක තිරණය කරන්න ඕනි අපිමයි. හරි පාර තෝරගන්න ඕනි අපි. මම රඟපාන්න එද්දි කැමරාවක් ඉස්සරහ හිටගන්නවත් දන්නේ නෑ. හැබැයි මම හැමදේම ටිකෙන් ටික ඉගෙන ගත්තා. තවමත්ඉගෙන ගන්නවා. ඇත්තටම කලාව කියන දේ ඇතුලේ ඉගෙන ගෙන ඉවර කරන්න බැරි දැනුමක් තියෙනවා. ඒකයි ඇත්ත කතාව”

ආදරය හා පවුල් ජිවිතේ ගැන මතක් කලොත්,? “මම හොද අවංක ආදරයක් ලබන කෙනෙක්. ඒ වගේම මම දැන් අම්මා කෙනෙක් ඉතින් සැමියා සහ දරුවා එක්ක ගොඩක ආදරෙන් ඉන්නවා. ආදරේ කියන දේ අපි හැමෝටම අවශ්‍ය දෙයක්. මට වුනත්. ඉතින් ආදරේ එක්ක මගේ පවුල් ජිවිතේ මනා වු අවබෝධයකින් ගලාගෙන යනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *