‘රඟපාන්න ගියාම මම කළුයි කියලා ගන්න බෑ කිවුවා’ හැමෝම ආදරේ කරන ඩිලුක්ෂි කියන කතාව

දෙරණ නාලිකාව තුළ විකාශය වුන ලොක්කි ටෙලිනාට්‍යයේ අනා චරිතයට පණ දුන් ඇය ඩිලුක්ෂි වීරපෙරුම. ඉතින් අපි හිතුවා අද ඇය ගැන කතා කරන්න. ලොක්කි ටෙලිනාට්‍යයේ වෙනස්ම චරිතයකට සම්බන්ධ වෙන ඇය ‘ප්‍රවිනා⁣’ චරිතය නිසාම වෙනස්ම වු නම් වලින් හැදින්වෙනවා. ඔබව අනා ලෙස ප්‍රසිද්ධ වෙන්න හේතුව, “ඇත්තට මට හිමි වුන චරිතයේ ගොඩක් තියෙන්වේ ඉංග්‍රිස් දෙබස්. ඉතින් ඒ නිසා මම ගොඩක් වෙලවට අනා කියන වචනය පාවිච්චි කරනවා. ඒ නිසාම ගොඩක් අය මට ‘අනා’ කියලා තමා කතා කරන්නේ මාක්ස් දාලා එළියට ගියත් මාව අදුරන තැනට ඇවිත්.”

ඩිලුක්ෂි ප්‍රතික්ෂේප විම් ගැන කතා කලොත්, ජිවිතේ මම ගොඩක් තැන්වල ප්‍රතික්ෂේප වුන වාර අනන්තයි. සම්මුඛ පරික්ෂණ වලට ගියහම මම කොටයි කියලා ප්‍රතික්ෂේප වුන වාර තියෙනවා. මම කළුයි කියලා ප්‍රතික්ෂේප වුන වාර තියෙනවා. චරිත වලට මාව ගැළපෙන්නේ නෑ කියලා මාව ගත්තේ නෑ. ගොඩක් වෙලාවට අපේ දක්ෂතාවය කියන දේ බැලුවා අඩුයි. පෙනුම කියන දේ තමා එයාලා මුලින්ම බැලුවේ. ඉතින් ඒ වගේ තැන්වල මට දුක හිතුන අවස්ථා තිබුනා.”

මුලින්ම ඔබ රංගනයට එන්නෙ දඟකාර චරිතයක් විදිහට. ඉතින් අනා කියන්නේ වෙනස්ම චරිතයක්. එහෙම බලද්දි ඉදිරියේදි ඔබට කොමඩි චරිත වලට සම්බන්ධ වෙන්න සිද්ධ වෙයිද? “මම ඇත්තටම රඟපාලා තියෙන්නේ දඟකාර සාමාන්‍ය චරිත. ඒ නිසා මටත් ඒකෙන් මිදෙන්න ඕනි වුනා. හැබැයි කොමඩි චරිත මට මෙච්චර ලොකු අභියෝගයක් වෙයි කියලා හිතුවේ නෑ.

හැබැයි හැමෝගෙම උදව් එක්ක මම ඒ චරිතයටත් සාධාරණ කළා. ඒ නිසාම මට හිතෙනවා දිගටම මට කොමඩ් චරිත විතරක්ම ලැබෙයිද කියලා. එහෙම වුනොත් ඒක ප්‍රශ්නයක්. මම තාම පෙම්වන්තියකගේ චරිතයක් රඟපාලා නෑ. මම ආසයි ඒ වගේ චරිතයකට මුහුණ දෙන්නත්. කොහොම වුනත් මම ආසය විවිධ චරිත වලින් ප්‍රෙක්ෂකයා මාව අදුරගන්නවට,”

Leave a comment

Your email address will not be published. Required fields are marked *