Tue. May 17th, 2022

අපේ සිනමා ලෝකයේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක් තමයි දිල්හානි අශෝකමාලා කියන්නේ. ඇයගේ සම්පුර්ණ නම දිල්හානි අශෝකමාලා ඒකනායක දිල්හානි උපත ලබන්නේ 1973 ජනවාරි 20වන දා කොළඹදී. 1988දී මුලින්ම සිනමාවට පිවිසෙන දිල්හානි එම සිනමා ප්‍රවිෂ්ටය ලබාගත්තේ යසපාලිත නානායක්කාරගේ “දේදුන්නෙන් සමනලියක්” සිනමා පටය හරහායි.

‘ආලෝකෝ උදපාදි’ ‘ස්පන්ධන’ ‘ආකාස කුසුම්’ ‘ගාමනි’ ‘මහින්දාගමනය’ ඇතුළු ලංකාව තුල අතිශය ජනප්‍රිය වින සිනමාපාට 30කට අදික ප්‍රමාණයකට ඇය සිය රංගන දායකත්වය ලබාදීලා තියෙනවා. ඒවගේම ඇය 2006 වසරේදී සරසවි සම්මාන උළෙලේදී ‘හොඳම නිළිය’ සම්මානය ලබාගන්න සමත්වෙනවා. ඉන්පසු ඇය ප්‍රථම දෙරණ ෆිල්ම්ස් ඇවෝර්ඩ්ස් 2012 උළෙලේදී ‘ප්‍රධාන ජවනිකාහි හොඳම නිළිය’ සම්මානය සහ දෙරණ සන්සිල්ක් ෆිල්ම් ඇවොර්ඩ්ස් 2015 උළෙලේදී ‘ජනප්‍රියතම නිළිය’ සම්මානය දිනාගන්න සමත්වෙනවා.

දිල්හානි විවාහ වෙන්නේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන ප්‍රියංකර පෙරේරා සමග, ඉතින් මෙම යුවලගේ ආදරීය පුතා තමයි දිල්මින් පෙරේරා. මේ වනවිට ඔහු විවාහකයි. කඩවසම් තරුණයෙක් වන දිල්මින්ගේ අතිනත අරන් තියෙන්නේ ධක්ෂ නර්තන ශිල්පිනියක් වගේම නර්තන උපදේශිකාවක වන අන්ජුලා මනතුංග නර්තන ශිල්පිනිය විසින්. ඉතින් මේ වනවිට දිල්හානි සහ නිළියටත් වඩා සුන්දර ලේලිය සමග ඇය ගෙවන සුන්දර ජීවිතය තවත් ලස්සන වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *