Tue. May 17th, 2022

මිෂෙල් දිල්හාරා කියන්නේ මෙරට නවක පරපුරේ දක්ෂ සුන්දර රංගන ශිල්පිනියක්. ඇය බොහොම නිහතමානී චරිතයක් බව ද කවුරුත් දන්නා කරුණක්. ඇය කලාවට අමතරව සමාජ සේවිකාවක් විදිහට ද කටයුතු කරන බව කාටත් රහසක් නෙවෙයි. පසුගිය දිනවල ඇය කරපු සමාජ සේවයක් නිසා බොහෝ දෙනෙක් ඇය ගැන කතා කරන්න පටන් ගත්තා.

අපි කවුරුත් මෙම කාලය තුළ ජීවත් වෙන්න බොහොම අමාරුවෙන්. එවැනි අවස්ථාවක ඇය කළ සමාජ සත්කාරය බොහෝ දෙනෙක් අගේ කර තිබුණා. කොරෝනා වසංගතය නිසා අසරණ වූ පවුල් 200 කට සහල් ලබා දිමේ කටයුත්තක් ඇය කර තිබුනා. මෙම සමාජ සත්කාරය සිදු වී ඇත්තේ ශ්‍රී දළුපොත මෙහි ධම්මරතනාරාම විහාරස්ථානයේ පුජ්‍ය කල්පේ ධර්මාලෝක ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය හා මඟපෙන්වීම යටතේ. ඒ වගේම ඇයට මෙම සමාජ සත්කාරය කරන්න ගොඩක් අය උදවු කරලා තිබ්බා.

නවක පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස ඇය කළ මෙම සමාජ සත්කාරය බොහෝ දෙනකුගේ ඇගයිමකටද ලක් වුනා. මෙයින් යහපත් ප්‍රතිචාර රැසක් ද ඇයට හිමි වුණා. බොහෝ දෙනෙක් තවත් මෙවැනි සත්කාර කිරීමට ඇයට ආශිර්වාද කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *