යෝහානි ගීත ගයන Thank God සිනමාපටයට ලංකාවේ නිලි රැජින ශලනි රංගනයෙන් දායක වෙයි..?

පහුගිය කාලයේ ලෝකෙම බාල මහලු තරුණ හැමෝම අතර ගොඩක්ම ජනප්‍රිය වුන ගීතයක් තමයි ‘මැණිකේ මගේ හිතේ’ ගීතය කියන්නේ, චමත් සංගීත්ගේ නිර්මානයක් වන මෙම ගීතය ලෝකෙම ජනප්‍රිය වෙන්නේ නවක ගායන ශිල්පිනියක වන යෝහානි ද සිල්වා කවර් වර්ෂන් එකක් කලාට පස්සේ, කොහොමවුනත් ඒ ලැබුන ජනප්‍රියත්වයත් සමග යෝහානි ඉන්දියාවේ ප්‍රසංග වලට වගේම ඉන්දියාවේ රුපවාහිනී වැඩසටහන් වලටත් සම්බන්ද වෙන්න වස්තාව හිමිකරගත්තා, ඒ වගේම ලංකාවේ ගීතයක් ජාත්‍යන්තරය ජයගත් පලවෙනි අවස්තාව විදියටත් මෙම ගීතය හඳුන්වන්න පුළුවන්,

ඉතින් චමත් සහ යෝහානි එකතුවෙලා කරපු මෙම ගීතයේ උණුසුම මැකිලා යන්න කලින් ලාංකිකයන් විදියට අපට තවත් ආඩම්බර වෙන්න පුළුවන් ආරංචියක් අපිට අහන්න ලැබුනා, ඒ තමයි ඉන්දියාවේ සිනමාපටයකටත් මෙම ගීතය යොදාගෙන තියෙනවා, ඒ ‘THANK GOD’ කියන සිනමා පටයට, ඒ වගේම මෙම සිනමාපටයේ ගීතයට සංගීත අධ්‍යක්ෂක වරයෙක් විදියට තෝරාගෙන තිබ්බෙත් චමත් සන්ගීත්වයි, ඉතින් ඒ පිලිබඳ ඔහු මුහුනුපොතට එකතු කරලා තිබ්බේ මේ වගේ සටහනක් ”මම Music Produced කරපු පලවෙනි Bollywood ගීතය. VIDEO OUT NOW සමහරු හිනා උනා. සමහරු බෑ කිව්වා. සමහරු කිව්වා උබේ සද්දේ හරි නෑ කියලා. ඒ ඔක්කොම කතා පැත්තකින් තියලා මං මගේ පාඩුවේ මගේ ගමන ආවා. ඒ ගමනට අත දුන්න උන් ඉන්නවා සෙට් එකක්, ඒ ඔක්කොටම මං ගොඩක් ආදරෙයී සහ මං ගැන විශ්වාසය තිබ්බ හැම කෙනාටම ගොඩක් Thank You ” THANK GOD ” කියලා, ඉතින් ලාංකිකයෙක් විදියට චමත් සහ යෝහානි මේ ආව ගමන ගැන අපිට ඇත්තටම ආඩම්බරයි,

හැබැයි අපි දැන් මේ කියන්නේ යන්නේ චමත් ගැනවත් යෝහානි ගැනවත් නෙවෙයි ඒ ලෝකෙම හොල්ලන සිනමා පටයක් වෙන්න යන THANK GOD සිනමාපටයේ ලෝකප්‍රසිද්ද නළු නිලියන් වන අජෙයි දේව්ගන්, සිධත් මල්හෝත්‍රා, රාකුල් ප්‍රීත් සින්ග්, නෝරා ෆාටෙහි වැනි අති දැවැන්ත නළුනියන් සමග ලංකාවේ වර්තමාන නිලි රජිනත් රංගනයෙන් දායක වෙනවා කියලා අපිට දැනගන්න ලැබුනා, ඇය තමයි ශලනි තාරකා, කොහොම වුනත් මේ වෙනකන් ඇය ඒ පිලිබඳ කිසිම ප්‍රකාශයක් සිදුකරලා නෑ, නමුත් ඒ පිලිබඳ ශලනි තාරකා විකිපීඩියා ගිණුමේ වගේම ‘Thank God’ සිනමා පටයේ කාස්ට් එකේ දාලාත් තියෙනවා, ඒ වගේම අපිට දැනගන්න ලැබුනා ශාලනිගේ චරිතයේ නම ‘ශාලා’ කියලා, කොහොම වුනත් ශාලානිත් Thank God සිනමාපටයේ රංගනයෙන් දායක වෙනවානම් අපිට මෙම සිනමාපටය බලන්න ආදරණීය හේතු දෙකක්ම තියෙනවා.

Related Posts

Leave a Reply

Your email address will not be published.