යෝහානිට කලින් ලෝකෙම දිනපු ලංකාවේ ජැකලින් ලීක් කරගනී

ජැකලින් ෆර්නැන්ඩස් කියන්නේ ජනප්‍රිය ගායිකා යොහානිවගේම ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය තවත් තරුවක්. කලකට ඉහත දී අය බොලිවුඩයේ සිනමා රජු සල්මන් ඛාන්ගේ පෙම්වතිය කියාද කටකතා පැතිරුණ අතර ඇය නැවත කරළියට පැමිණියේ සුකේෂ් චන්ද්‍රසේකර් විසින් ජැකලින්ට හාදුවක් දෙන ඡායාරූපයක් මාධ්‍ය ඔස්සේ පළ වීමත් සමගය. ඉතින් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඇය ගැනයි.

එක්තරා වෙබ් අඩවියක් මගින් ජැකලින්ගෙන් සහ සුකේෂ් ගේ ඡායාරූප මෙසේ අන්තර්ජාලයට මුදා හැර තිබුණා. ඒ ඔවුන් නානකාමරයක සිප වැළඳ ගන්නා අයුරුයි. ඒ ගැන ජැකලින් ප්‍රසිද්ධ නාලිකාවට පවසා තිබුණේ මෙලෙසයි. ඒ ඇය සහ සුකේෂ් අතර කිසිදු සම්බන්ධයක් නැති බවත් ඒ තොරතුරු සත්‍ය නොවන බවත්ය.

මෙම ඡායාරූප ඡායා ගතකළ දුරකථනය වෙද බොහෝ තොරතුරු මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී. එම දුරකථනය සුකේෂ් විසින් මුදල් වංචා සිදු කිරීමට භාවිතා කරන ලද දුරකථනයක් බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බව ඉන්දීය මැතිවරණ කොමිසම විසින් පවසනවා. තවද සුකේෂ් බන්ධනාගාරව සිටියදී පාවිච්චි කරනලද දුරකථනය මෙය බවද තොරතුරු අනාවරණය වෙනවා .

සැබැවින්ම සුකේෂ් ගේ පෙම්වතිය ජැකී ද, ඉන්දීය පුවත්පත් ගණනාවක මූලික සිරස් තලය මෙසේ මුද්‍රණය වෙද්දි තවත් අය පැවසුවේ ජැකී සුකේෂ්ගේ අනියම් පෙම්වතිය බවයි. ඊට හේතුව සුකේෂ් මේ වන විටත් විවාහක තැනැත්තෙකු වීමයි. සුකේෂ් සහ ඇගේ බිරිඳ ඉන්දිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේ කෝටි 200 ක මුදල් වංචාවකට. ඒ කොහොම වුණත් අත්අඩංගුවට ගත් ඔහු පසු ව ඇප මත නිදහස් වුණා. විශේෂිතම කරුණ වන්නේ සුකේෂ් ගේ නීතිඥවරයා මාධ්‍යට පවසා තිබුණේ ජැකී සහ සුකේෂ් අතර සම්බන්ධතාවයක් තිබුන බවයි. නමුත් ජැකීගේ ප්‍රකාශිකා වක් පවසා සිටියේ එසේ කිසිදු සම්බන්ධයක් නැති බවයි.

2022 තිරගත වන බච්චන් පාන්ඩේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ද ජැකලින් ෆර්නැන්ඩස්. ජැකී වෙනුවෙන් මේ සඳහා වියදම් කර තිබෙන්නේ සුකේෂ් බවද ඉන්ඩියා ටුඩේ වෙබ් අඩවිය සඳහන් කරනවා .නමුත් මේ ගැන කිසිදු නිශ්චිත තොරතුරක් තවම ලැබී නැති බවයි සඳහන් වෙන්නේ. එයට හේතුව ජැකීගේ පසුගිය වසරේ චිත්‍රපට කිසිවක ආදායම් වාර්තා නොතිබීමයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *