යුරෝපයේ බොහොමයක් අය කළු තොප්පි පලදින හේතුව ඔබ දන්නවාද

1950 කාලයේ අග භාගය යන තුරුම පිරිමි ඇදුම්වල මුලික අංගයක් විදිහට තොප්පිය භාවිතා වුනා. නමුත් එතැන් සිට කාලයේ තොප්පිය භාවිතා වි ඇත්තේ අඩු වශයෙන් වෙද්දි, එය හිස ආවරණයක් විදිහට භාවිතා වෙනවා. ඇත්තටම පුද්ගලයෙක් තොප්පියක් භාවිතා කරනුයේ හිසේ ආරක්ෂාවට සහ අව්වෙන් වැස්සෙන් බේරීමට වුවද වර්තමානයේ තොප්පිය මගින් සමාජ තත්ත්වය පෙන්නුම් කරයි. විවිධ ආගම් විවිධ විලාසිතා මෙන්ම මෙන් ම ජාතිකත්වය පෙන්නුම් කිරීමට තොප්පිය භාවිතා වෙනවා.

අතීතයේ පටන් විවිධ ආරක්ෂක කණ්ඩායම් වලට ද තොප්පි හිමිව තිබුණා. ඒ තොප්පි පීක් තොප්පි යනුවෙන් ද හඳුන්වා තිබුණා. විවිධාකාර තොප්පි පවතිනවා. විටෙක ඇත්තටම තොප්පිය භාවිතා වන්නේ හිසේ ආරක්ෂාවට. කැප් තොප්පිය නිර්මාණය කර ඇත්තේ ඇස් වලට දැඩි අව් රශ්මියෙන් බේරිමට හැකි වන පරිද්දෙන්. එමෙන්ම හැට් නමින් හඳුන්වන තොප්පිය හිසට අමතරව මුහුණ උරහිස ද අව්වෙන් සහ වැස්සෙන් ආරක්ෂා කරනවා. උදාහරණයක් ලෙස කව්බෝයි තොප්පිය හඳුන්වා දෙන්න පුළුවන්. මේ කව්බෝයි තොප්පිය නිර්මානය වුණේ අව්වෙන් සහ වැස්සෙන් බේරීමට හැකි වන පරිද්දෙන්.

සමහර තොප්පි චාරිත්‍රානුකූල අරමුණු සඳහා යොදාගන්නවා. විදිහට විශ්ව විද්‍යාල වල උපාධි ප්‍රදානෝත්සව වලදී පළදින තොප්පිය හඳුන්වා දෙන්න පුළුවන්. තවද සූපවේදීන් ගේ තොප්පිය වෙනස්ම ආකාරයක් වෙනවා. ආගමික අවස්ථා නිරූපණය කිරීමට ද විවිධ තොප්පි වර්ග භාවිත වෙනවා. ඉස්ලාම් ආගමිකයන් තමන්ගේ සමාජ තත්ත්වය පෙන්වීමට විවිධ වූ තොප්පපි භාවිතා කරනවා. සමහර ජාතිකයන් හඳුනා ගැනීමටද මෙම තොප්පි භාවිතා කරනවා. උදාහරණයක් විදිහට සික් ජාතිකයන් හඳුන්වල දෙන්න පුළුවන්. ඔවුන් ලෝකයේ කොහේ සිටියත් ඔවුන්ගේ තොප්පිය මගින් ඔවුන් ඒ ජාතියේ ඇයි කියලා හඳුන ගන්න පුළුවන්

ලෝකයේ පැරණිතම තොප්පිය ලෝකඩ යුගයේ මිනිසා නිර්මාණය කල පළඳින්න ඇතැයි විශ්වාස කරනවා. ඒ ක්‍රිස්තු පූර්ව 3300 පමණ. එය හම් වලින් නිර්මාණය වූවකි. ඊජිප්තුවේ සොහොන් ගැබක තොප්පියක් සහිත පළමු සිතුවම හමු වෙනවා. ඒ ක්‍රිස්තු පූර්ව කොන්දක් දෙසිය 200 දී පමණ සිතුවම් කරන ලද්දක් දැනට ලැබී ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ඔප්පු වන්නේ මිසරයේ ඉහළ පැළැන්තියේ පුද්ගලයන් හිස මුඩු හිස් පලඳනාවක් පැළඳ ඇති බවයි

විවිධ කාරණා මත විවිධාකාරයෙන් භාවිතා වුන තොප්පිය ඇමෙරිකානු ,රුසියානු ,සහ ප්‍රංශ විප්ලව වලදී රාජාණ්ඩු වලට එරෙහිව නිදහස් අරගලයේ සංකේතයක් ද වී තිබෙනවා. ලොව විශාල තොප්පිය 1980 දශකයේ ජනප්‍රිය වූ අතර විසිවන සියවස මුල් භාගයේ දී විවිධ විලාසිතා සහිතව මෙය ජනප්‍රිය වුණා.බොහෝවිට පොප් ගායකයන්ද මෙම තොප්පි භාවිතා කරන්න පුරුදු වුනා. එය තරුණියන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වුනා. තොප්පි නිර්මානයේදී වැඩි ජනප්‍රියත්වයක් හිමි ව ඇත්තේ කළු වර්ණයටයි.

සමාජ විශ්ලේෂකයින් පවසන්නේ තද කළු හිසකෙස් ඇති පුද්ගලයික් නිසා මෙම කළු තොප්පි භාවිතා වීම පුරුදු වූ බවයි. කළු තොප්පි වල ප්‍රධානතම වාසිය වන්නේ පෙන්නුමෙි ස්වභාවයයි. කළු තොප්පි ආකර්ෂණීය බවක් මෙන්ම සැහැල්ලු බව ගෙන දෙනවා. කෙටියෙන්ම කළු තොප්පියට අමුතු ආකර්ෂණීයත්වය තියෙනවා. ඒ නිසාම කළු තොප්පිය බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වී තිබෙනවා. 1950 දශකයේ දී පිරිමි ඇඳුම් වල අනිවාර්ය අංගයක් ලෙස මෙම තොප්පිය පත්ව තිබුණා. කළු පැහැති උසැති තොප්පි මේ කාලේ වඩාත් ජනප්‍රිය වුණා. නමුත් මේ වන විට එවැනි තොප්පි භාවිතා වන්නේ ඉතාම අඩු වශයෙන්. පිරිමින් අතර තවත් ජනප්‍රිය වූ විලාසිතාවක් ලෙස ෆෙඩෝරා තොප්පිය හඳුන්වා දෙන්න පුළුවන්.

Leave a comment

Your email address will not be published. Required fields are marked *