යශෝධා මීට් වෙද්දී මට වෙන සම්බන්දයක් තිබ්බා – ජනප්‍රිය නළු අනුජ් රණසිංහ

අපේ කළා ලෝකයේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් වගේම චිත්‍රපට නිෂ්පාදකයෙක් ලෙසත් කළා ලෝකයට විශාල සේවයක් කරන චරිතයක් තමයි අනුජ් රණසිංහ කියන්නේ, ඉතින් කාගේත් අවදානය දිනාගන්න සමත්වෙලා හිටපු අනුජ් රණසිංහ පසුගිය දවසක ඔහුගේ ජීවිතේ තීරණාත්මක කඩයිමක් පසුකළා, ඒ ඔහුගේ විවාහය, අනුජ් ජීවිතේ ඉදිරි ගමන යන්න තීරණය කරලා තිබ්බේ ගුවන් සේවකාවක විදියට රැකියාවෙහි නිරතවෙලා ඉන්න යශෝධා ගුණරත්න සමග, ඉතින් අද අපේ මේ පුංචි කතාබහ අපි කවුරුත් ආදරේ කරන අනුජ් රණසිංහ සමගයි,

ඉතින් අනුජ් කොහොමද විවාහ ජීවිතේ, ”විවාහ ජීවිතේ නම් හරිම සුන්දරයි, ජීවිතේ දැන් ගොඩක් හොඳින් ගෙවෙන්න අරගෙන, යශෝදයි මමයි අපේ වැඩ කරගෙන සතුටින් සමගියෙන් ඉන්නවා, අපි දෙන්නා ගොඩක් කල් ආශ්‍රය කරලා තමයි විවාහ වුනේ, අපි අතර ගොඩක් හොඳ අවබෝදයක් තියෙනවා, ඒ නිසා අපිට ප්‍රශ්න අඩුයි, හැබැයි ආදරේට පොඩ්ඩක් රන්ඩු වෙනවා, නම යශෝදා උනාට රණ්ඩු කෙක්ක, හැබැයි ඒ ආදරේට”

අනුජ් කොහොමද ඔයාට යශෝධා මුණගැහුනේ ”මම නෙවෙයි එයාව හොයාගත්තේ එයා තමයි මාව හොයාගත්තේ, එයා මම යන ජිම් එකටම ආව කෙනෙක්, ඒ වගේම යශෝධා මගේ රසිකාවියක්, එයා මගේ ෆිල්ම් බලලා තියෙනවා, ඒ නිසා අපි කාලයක් ෆේස්බුක් එකෙන් යාළුවො වෙලා කතා කළා, එක දවසක් එයා ජපන් ගිහින් එද්දී මට මොනවද ගෙන්න ඕන කියලා ඇහුවා, මම ඉල්ලපු හෙයා ටොනික් එක එයා මට ගෙනත් දුන්නා එදා තමයි එයා මගේ හිතට වැදුනේ, ඉතින් එහෙම ඉඳලා අවුරුදු තුන හමාරක් ආදරේ කරලා අපි විවාහ වුනා,”

ඉතින් ජිම් එකේදී යශෝදා කලින් දැකලා තිබ්බෙම නැද්ද ”මෙහෙමයි මම ජිම් එකට ගියාම වටපිටාවේ ඉන්න අය ගැන වැඩිය බලන්නේ නෑ, මගෙත් එක්ක හිනාවුනොත් මම හිනා වෙනවා, එච්චරයි, එයා මට ජිම් එකේදී මීට්වෙද්දීත් මට වෙන සම්බන්දයක් තිබ්බා, හැබැයි අපි කතා කරනකන් මට එයා ගැන විශේෂ හැඟීමක් තිබ්බේ නෑ, මම එයා එක්කත් කතා කලේ මගේ රසිකාවියෝ එක්ක සාමාන්‍ය විදිහට කතාබහ කරන විදියටමයි,”

විහයට කලින් අනුජ් යශෝධාව මාධ්‍යවල ප්‍රසේද්ධ කලේ නෑ ඇයි ඒ ”මට එයාව අනවශ්‍ය විදියට ප්‍රසිද්ධ කරන්න ඕන වුනේ නෑ, එයත් එකට කැමතිවුනේ නෑ, අනිත් කාරනාව එයාගේ රැකියාව එයා වැඩ කරන ක්ෂේත්‍රය එක්ක එයාට ඩැමේජ් එකක් වෙන්නේ නැති විදියට මම නිතරම වගබලාගත්තා, ඒ වගේම මම එයාගේ ගෞරවය රැක්කා, මුලදී යශෝධත් ඇහුවා ඇයි අපි අපේ සම්බන්දය හංගන්නේ කියලා, පස්සේ එයා තේරුම් ගත්තා මම කියන කාරණය,”

Related Posts

Leave a Reply

Your email address will not be published.