‘මොන නිළිය ආවත් මට තියෙන චාන්ස් නැතිවෙන්නේ නෑ’ අම්මා කෙනෙක් වෙන්න බලන් ඉන්න රුවන්ගි කියන කතාව

ජනතාවගේ හිත දිනාගත්ත සුන්දර රංගන ශිල්පයක් වෙන්න හැමෝටම බැහැ. හැබැයි ඇය අදටත් ජනතාවගේ ආදරය ඇතිව වැජඹෙන වෙන සුන්දර තරුවක්. ඉතින් මේ සූදානම ඒ සුවිශේෂී තරුව ගැන කතා කරන්න. පුංචි තිරයේ මෙන් ම සිනමාවේ ද ඇය ඇගේ රංගන හැකියාව පෙන්වා අවසන්. නමින් ඇය රුවන්ගි රත්නායක.

මේ වන විට කලා ලෝකයට අලුත් කලා තරු පැමිණෙමින් තියෙනවා. ඒ පැමිණීමත් සමග රුවන්ගිට විට තියෙන තැන අහිමි වෙලා ද, ”ගොඩක් අය රියැලිටි තරගවලින් ටික් ටොක් වලින් කලාවට සම්බන්ධ වෙනවා. හැබැයි ඒ කවුරුත් සම්බන්ධ වුණත් මට තියෙන ආරාධනා වල නම් අඩුවක් නැහැ. එදා වගේම මට චාන්ස් තවම තියෙනවා. මේ හැමදේම සිද්ධ වෙන්නෙ මම යන ගමන නිසා. මොකද මම මේ වෙද්දි හරි විදියට මගේ ගමන තෝරගෙන ඉවරයි. අපි කාලෙකට අලුත් මුහුණු දකිනවා. කාලෙකට ඒ මුහුණු දකින්නවත් නැහැ.

කියන්න සතුටුම කාරණාව නම් මම අවුරුදු ගානක් කිසිම රංගනයකට සම්බන්ධ නොවුනත් මාව කාටවත් අමතක වෙන්නේ නැහැ. සමහරු ඇත්තටම අහනවා අර ටෙලිනාට්‍ය ඔයා මේ චරිතය නේද රඟපෑවේ කියලා. එහෙම මතකයක් එක්ක මම හිතෙනවා තරුවක් විදිහට මම ජනතාවගේ ආදරය දිනාගෙන ඉවරයි කියලා. ඉතාම සුළු පිරිසක් තමයි මේ ක්ෂේත්‍රයේ තමන්ගේ නම හරි විදිහට තියාගෙන හරි ගමනක් යන්නේ.”

ගොඩක් කලත් අර තමන්ගේ ආදරය රඳවාගන්න ෆේස්බුක් වල නේද, හැබැයි දන්න විදිහට රුවන්ගිට තාම ෆේස්බුක් එකවුන්ට් එකක් නැහැ ඇයි ඒ, ”ජනතාවගේ ආදරය දිනවා ගන්න ජනප්‍රිය වෙන්න මට ෆේස්බුක් ගිණුමක් ඕනෙ නැහැ, අනික මම තව වෙනකම් ෆේස්බුක් ගිණුමක් ආරම්භ කරලත් නැහැ. මම නමින් ව්‍යාජ ඒවානම් පවත්වගෙන යනවා සමහරු. සමාජ මාධ්‍යයෙන් ලබන ජනතාවගේ ආදරයට වඩා මට හැබැ ජීවිතය තුළ ඔවුන්ගේ ආදරය ලැබෙනවා.”

විවාහ ජීවිතය ගැන මතක් කළොත්, ”ඔව් මම විවාහ වුණා. හැබැයි තවමත් ඒ ජීවිතයට හුරු වෙමින් පවතිනවා. මගේ මහත්තයා මාව හොඳට තේරුම් ගත්ත කෙනෙක්. ඒ නිසාම එයා රංගනයට මට සීමා දාලා නෑ. ජීවිතය ඉස්සරහට යද්දී අපි දෙන්නම අපේ හීන වලට කියන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් අය වගේම මමත් දරු පැටියෙක් ගේ මූන බලන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *