Tue. May 17th, 2022

රයිනි චාරුකා ගුණතිලක කියන්නේ මෙරට ගායන ක්‍ෂේත්‍රයේ ගොඩක්ම ජනප්‍රිය චරිතයක්. ඔබත් මමත් ගොඩක් ආදරේ කරන ගරු කරන ජේෂ්ඨ ගායක රූකාන්ත ගුණතිලක මහත්මයාගේ සහ ගායිකා චන්ද්‍රලේඛා පෙරේරා ආදරණීය වැඩිමහල් දියණිය තමයි ඇය. කුඩා කාලයේ පටන්ම ගායනයට දක්ෂතා පෙන්වූ ඇය මේ වනවිට සිරස වොයිස් වැඩසටහනේ විනිසුරුවරියක ලෙස කටයුතු කරනවා. ඉතින් අපේ මේ කතාබහ ජනප්‍රිය ගායිකා රයිනි සමග.

කොච් රයිනිට ලැබෙන ප්‍රතිචාර කොහොමද දැන් ”හරිම ඉහලයි. දකින කතා කරන හැමෝම අහයකරනවා. ලැබෙන ආදරණීය ප්‍රතිචාර නිසා මට ගොඩක් සතුටුයි. වැඩිපුරම අගය කරන්නේ මගේ විලාසිතා මම හරිම ආසයි මට ගැලපෙන විදියට විලාසිතා කරන්න. මම දෙයක් කරන්න හිතුවම අනිත් අය මොනවා හිතයිද කියන එක මට අදාළ නෑ මම ආසයිනම් මම ඒ දේ කරනවා. හැබැයි ඒ විලාසිතා ලස්සනයි කියල හැමෝම කියනවා.”

රයිනි ඔබගේ ශරීරයේ හැඩය වෙනස් කරගත්තනම් මීට වඩා විලාසිතා කරන්න පුළුවන් කියලා හිතෙන්නේ නැද්ද ” අනේ මට එහෙම හිතෙන්නේ නෑ. හැමදේම වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව. ඉතින් මගේ ශරීරයේ හැඩය පාට මේ හැමදෙයක්ම මට උරුම දේවල්, ඒ වෙනුවෙන් ලොකු ලොකු දේවල් කරන්න ඕන නෑ, මේ ඉන්න විදියට ලස්සනය විලාසිතා කරනවා. මට මොන ඇඳුම ඇන්දත් ලස්සනයි කියලා මම හිතන්නේ. එහෙම නැතිවේ සිරුරේ හැඩය වෙනස්කරන්න ඕන කියලා මට හිතෙන්නේ නෑ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *