‘මේ ෆීල්ඩ් එකේ වැඩිම මිලක් අය කරන නිළිය මම’ බෝනික්කියක් වගේ හැඩකාර ටීනා කියන කතාව

බොහෝ දෙනෙක් අතරේ ජනප්‍රිය වුන නිල්වන් මුහුදු තිරේ ගීතය හරහා ⁣රසිකයන් අතට ආව ඇය නිරූපණ ශිල්පිනියක්. ඇය නමින් ටීනා ෂනෙල්. ඇය මේ දිනවල සකුගේ ලෝකය ටෙලිනාට්‍ය හරහා වගේම වලවෙට්ටුවා ටෙලිනාට්‍ය හරහාත් නැවතත් ප්‍රේක්ෂකන්ගේ ආදරය දිනාගනිමින් සිටිනවා. ටිනා කියන්නේ ලොකු මිලක් අය කරන නිළියක් නේද? “ඔව් නිරූපණ කේෂ්ත්‍රයේ ලොකු මිලක් ගන්න කෙනා මම කියලා මම හිතනවා. හැබැයි මම කාගේන්වත් මිල ගනන් අහන්නේ නෑ. මම හැම නිර්මාණයකටම සම්බන්ධ වෙන කෙනෙක් නෙවෙයි. හැබැයි මට හිමි වටිනාකම ලැබෙන දේකට මම සම්බන්ධ ⁣වෙනවා. එහෙම බලද්දි නිරූපණ අංශයේ වැඩි මිලක් ගන්න අය අතරේ මගේ නම ඉහළ තැනක තියෙනවා.”

ඔබ දැන් ගත කරන ජිවිතේ ගැන කතා කලොත්, “මගේ ජිවිතේ ගැන කතා කලොත්⁣ කොච්චර සල්ලි හෙව්වත් මම මට කියලා දෙයක් කරගෙන නෑ .මම මට ගෙයක්වත් හදාගෙන නෑ. හැබැයි මම අනිත් අයට උදව් කරනවා. අවුරුදු දහයක් විතර මම හම්බ කරනවා. ඇත්තටම ඒ දේවල් වලට වෙන්නේ මොනාද කියල මම කල්පනා කරනවා. අපේ වගේ රටකදෙයක් කරන්න ලොකු බජට් එකක් යනවා. මම මගේ ගමන හෙමින් යන කෙනෙක්.

මට මාව මේන්ටේන් කරන්නත් ලොකු ගානත් යනවා.මොකද ඇදුම් පැළදුම් හැමදේම දිහා බලද්දි. මම මේ හැමදේම කරන්නේ මගේ සල්ලි වලින්.මම කාගේවත් දේවල් වලින් යැපෙන්න කැමති නෑ. ඒ දේවල් එක්ක මගේ ජිවිතේ සුපෝපභෝගි ජිවිතයක් නෙවෙයි ඇත්තටම. හැබැයි මම ඇත්ත තුළ ජිවත් වෙන කෙනෙක්.බොරු මවාපෑම් මගේ ජිවිතේ තුළ නෑ. ඇත්ත කියන්න මම බයත් නෑ.”

ටිනා චිත්‍රපට වල රඟපාන්නේ නැද්ද, “පහුගිය කාලේනම් ඇත්තටම මම වැඩ භාරගත්තේ නෑ. හැබැයි මම ටෙලිනාට්‍ය වලට සම්බන්ධ වෙනවා කොහොම වුනත් අපි මේ ක්‍ෂේත්‍රයේ රැඳී ඉන්න කාලය තීරණය වෙන්නේ අපි කරන වැඩත් එක්ක. ඉතින් මම මේ දවස්ටිකේ තෝරාගත්ත නිර්මාණ කිහිපයකට සම්බන්දවෙලා වැඩ කරනවා”

Leave a comment

Your email address will not be published. Required fields are marked *