‘මේ හැම දෙයක්ම බිස්නස් එකක්’ රෝහල් ගතවී සිටින ගිරිරාජ් කියන කතාව

මේ දිනවල බොහෝ දෙනෙක් ආදරේ කරන ටෙලි නාට්‍යයක් තමා කාරයෝ කියන්නේ. නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය හරහා ජනතාවගේ ආදරය බොහෝසෙයින් දිනාගත් ඔහු මේ දිනවල ටෙලි නාට්‍ය තුළින් දැකගත නොහැක. එයට හේතුව ඔහු අසනීප තත්ත්වයෙු පත් වීමයි. සැබවින්ම ඔහු චරිතාංග නළුවෙක්. නමින් ගිරිරාජ් කෞෂල්‍ය. ඉතින් මේ වනවිට රෝහල්ගතවෙලා ප්‍රතිකාර ලබමින් සිටින ගිරිරාජ් විසින් රෝහල් ගතවෙන්න කලින් පුවත්පතක් සමග කල සාකච්චාවක් තමයි මේ.

විවිධ කතා වලින් විවිධ චරිත පෙන්නුම් කරන ඔහු ඇත්තටම චරිත වලට මාරු වෙන්නේ කොහොමද, ”මම හිතන්නේ මට ඒක වේදිකාවෙන් ලැබුන ආභාෂයක්. අපි වේදිකාවෙන් බිහිවුණ නළුවෝ. අපි එකම වේදිකාවේ විවිධ චරිත රඟ පෑවා. ඒ චරිත එකිනෙකට වෙනස්. ජීවිතයේ මම ලබපු අත්දැකීම් තමයි මාව මේ තරම් සාර්ථක චරිත වලට යොමු කළේ. මම එක ටෙලි නාට්‍යයක රඟපාන චරිතයට හාත්පසින් වෙනස් චරිතයක් තමා අනිත් නාට්‍යයේ රඟපාන්න සිද්ධ වෙන්නේ.

ඔබ තෝරා ගැනීමක් සිදු කරනවද රංගනයේදී, ලොකුවට නම් තෝරා ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ,හැබැයි පෞද්ගලිකව මම අකමැති චරිත තියෙනවා,ඒ වගේ චරිත වලට මම සම්බන්ධ වෙන්නේ නෑ.මම කැමති සමාජයට පණිවුඩයක් දෙන්න පුළුවන් චරිත රඟපාන්න .නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යය කුකුල මුදලාලිගේ චරිතයට මට විශාල ප්‍රතිචාර ලැබුණා .

අද ටෙලි නාට්‍ය කියන්නේ වාණිජ කරණයක් නේද, ඇත්තටම ඒක හරි අද නාට්‍ය කලාවක් නැහැ. හැමදේම බිස්නස් එකක් විතරයි. නළු නිළියන් පවා අද ජීවත් වෙන්නේ බිස්නස් එකක් ඇතුලේ. එනිසාම මේක කලාවක් විදිහට ගෙන යන්න හරි අමාරුයි. මම උනත් මේ බිස්නස් එකට වැටිලා ඉවරයි. බොහෝ දක්ෂ අධ්‍යක්ෂවරුන් අපිට අහිමි වීම මේකට හේතුවයි .

ඔබ දේශපාලනය පිලිබඳ මොකද හිතෙන්නේ, මම සාමාන්‍ය කලාකරුවෙක්. දේශපාලනය කරන කෙනෙක් නෙවෙයි. මම පෞද්ගලිකව හිතන්නේ කලාකරුවන්ට ඕන දේශපාලන පක්ෂයක් තවම බිහිවෙලා නැහැ කියලා. එහෙම බිහි වුණොත් කලාකරුවෙක් විදිහට මම අනිවාර්යෙන්ම ඡන්දය දෙනවා. මගේ පෞද්ගලික අවශ්‍යතා මත මම කවදාවත් දේශපාලනයට එන්නේ නැහැ. මගේ අයිතිය විදිහට මම පෞද්ගලිකව මගේ ඡන්දය භාවිත කරනවා,

ඔබ වඩාත් කැමති වේදිකාවට ද ටෙලි නාට්‍යවලට ද, වේදිකාව කියන දේට මම හැමදාම ආදරෙයි. මොකද වේදිකාවේදී අපිට ලැබෙන ප්‍රතිචාර සජීවී ප්‍රතිචාර. ඒ නාට්‍යයක ප්‍රතිචාර ලැබෙන කාලයක් යනවා. හැබැයි දැන් පවතින තත්ත්වයත් එක්ක මට වේදිකාවට වඩා ටෙලි නාට්‍ය වලට තමයි සම්බන්ධ වෙන්න ඉඩ තියෙන්නේ. වේදිකාව කියන දේ ටිකක් ඈත් වෙලා ඈත්වෙලා කීවොත් හරි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *