Sat. May 21st, 2022

නීල පබළු ටෙලිනාට්‍ය බලන ඕනිම කෙනෙක් දන්න චරිතයක් වගේම බොහෝ දෙනෙක් කතා කරන චරිතයක් විදිහට සුභද්‍රාගේ චරිතය හදුන්වා දෙන්න පුළුවන්. ඇයගේ සැබෑ නම තරුෂි සුරම්‍යා. ජිවිතයට වඩාත් සමිප චරිතයකට පණ දෙන ඇය දියණියකගේ ආදරණිය මවක්. ඉතින් අද අපේ සොදුරු කතාබහ ඇය සමඟයි. වයසත් එක්ක ඇයට පෙම්වතිය⁣කගේ චරිතය අහිමි වෙලාද යන්න අපි ඇයගෙන් අහන්න හිතුවා. “මම ඇත්තටම මවක්. මේ සමාජය තුළ දැන් අම්මා දුව හොයන්න බැරි තරමට තරුණයි. මට කොහොමත් දැන් ළාමක චරිත හරියන්නේ නෑ. මම කොහොමත් කැමති පවතින යථාර්ථය හා ගොඩ නැගුණු චරිත වලට සම්බන්ධ වෙන්න.”

ඔබව ප්‍රේක්ෂකයාට නිරතුරුව දකින්න නොලැබෙන චරිතයක් වෙලා. එයට හේතුව, “මම මගේ ජිවිතේ මුල් තැන දිලා තියෙන්නේ මගේ දරුවට. රංගනය දෙවනි තැන. ඉතින් මට දුර පළාත් වල රූගත කිරිම් කරනන යන්න අමාරුයි. මට කැප වෙන්න බැරිනම් මම නිර්මාණ සදහා ආරාධනා භාරගන්නේ හරිම අඩුවෙන්. ඒ මගේ විදිහ. මම පිටපත් ලියමින් ඉන්නවා විවේකි වෙලාවට. ඉදිරියේදි ලිවිමේ හැකියාව වර්ධනය කරගන්නත් මම බලාපොරොත්තු වෙනවා. කොහොම වුනත් මම කැමති ආදර්ශමත් ගැහැණියක් වෙන්න.”

විවාහ ජිව්තේ ගැන කතා කලොත්, “ගෙවුන විවාහ ජිවිතේ ගැන මට ගොඩක් සතුටුයි. විවාහ වෙන්න කලින් අපි දකින ලෝකය විවාහ ජිවිතය ඇතුලේ ගෙවන්න හරි අමාරුයි. විවිධ ප්‍රශ්න විවිධ හැල හැප්පිම් තියෙනවා. විවාහ වුනහම එක්කෙනෙකුට නෙවෙයි දෙදෙනාටම වගකිම් බෙදිලා යනවා. විවාහ ජිවිතය ඇත්තටම පේන තරම් ලස්සන දෙයක් නෙවෙයි. ඇතුළතින් ලොකු කැප කිරිමක්. මට වුනත් මේ ජිවිතේ හරි අමාරුයි ප්‍රශ්න එද්දි. හැබැයි මොන දේ මොන ප්‍රශ්න ආවත් එයා හට ආදරෙයි. ඒක මම දන්නවා. මොකද ආදරේ කරලනේ විවාහ වෙන්නේ.”

කාලයත් එක්ක සැමියාගේ ආදරේ අඩු වෙලාද? “ආදරේ අඩුවක් නෑ. හැබැයි ඉස්සර පෙම්වතා විදිහට නෙවෙයි එයා දැන් මට ආදරේ කරන්නේ. එදා එයා ජිවිතේ බරක් නැතුව හිටපු කෙනෙක්. අද වගකිම් ගොඩක් තියෙන කෙනෙක්. එයා අපි හැමෝගෙම අනාගතය වෙනුවෙන් කැප වෙනවා. මොනවා වුනත් අපි දෙන්නගෙම බලාපොරොත්තුව අපේ දරුවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *