Tue. May 17th, 2022

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ ලංකාවේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක්.පුංචි තිරය තුළමෙන්ම සිනමාව තුළද තම දක්ෂතාව එක ලෙස පෙන්වන්න මොහු සමත් වෙනවා. මේ දිනවල ඔහු ගැන වඩාත් ආන්දෝලාත්මක ලෙස කතා වෙන්නේ ගිනිමල් පොකුරු චිත්‍රපටය හරහා. ඉතින් මේ සූදානම ඉසුරු සමග කතා කරන්න. මේ දවස් වල ඉසුරුට ලැබෙන ප්‍රතිචාර කොහොමද, ‘මේ දවස් වල සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යය මම රඟපානවා. කිසිම වයස් භේදයක් නැතුව ඒ චරිතයට රසික ආදරයක් ලැබෙනවා. ඊළඟට ගිනි මල් පොකුරු චිත්‍රපටය ගැන කතා කළොත් මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් වූ චිත්‍රපටයක්. මේක සීමාවක් තුළ නරඹන චිත්‍රපටයක් නිසා නිසාම නරඹන්න පුළුවන් පිරිසකගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ නිර්මාණය තුළ හොඳ නරක දෙකම තියෙනවා කියලා තමයි ඔවුන් කියන්නේ. මොකද මේ ප්‍රතිචාර ලැබෙන්නේ මට නෙවෙයි මම රඟපාන චරිතයට.

ඉසුරු කියන්නේ රංගනයට සීමා දාගෙන ජීවත් වෙන කෙනෙක් නෙවෙයි නේද ,මම රංගනය තුළ මට සීමා දාගෙන නැහැ. හැබැයි එහෙම කියලා මම මට ලැබෙන හැම චරිතයක්ම කරනවා කියලා එයින් අදහස් කරන්නෙත් නැහැ. මම නිර්මාණයක් තෝරා ගත්තේ පිටපත ඒකට සහභාගී වන නළු නිළියන් හා අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු යන හැමෝම ගැන හොයලා බලනවා. ඔය වගේ කරුණු කිහිපයක් මම හොඳට හොයලා බලලා ඒ ගැන හිතලා තමයි නිර්මාණයකට සහභාගි වෙන්නේ.’

ගිනි මල් පොකුරු සිනමාවේ ඔබත් එක්ක රඟපෑ රංගන ශිල්පිනිය ගැනත් කතා කලොත්, ”ඇත්තටම චූලක්ශි කියන්නෙත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය මේ චරිතය කරන්න ලොකු කැප කිරීමක් කරා. අපි මේ නිර්මාණ ඉදිරිපත් කරන්නේ ලංකාවට. ඉතින් අපේ සංස්කෘතිය ඇතුලේ සමහරු මෙම නිර්මාණ ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. සමහරු එම පුද්ගලයින් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මේ වගේ චරිතයකට පණ දෙන කොට ඇයට ඉදිරියට නිර්මාණ පවා නොලැබී යන්න පුළුවන්. ඒ කොහොම වුණත් ඇය විශාල කැපකිරීමක් මේ චරිතය වෙනුවෙන් කළා. චුලක්ශි කියන්නේ හැකියාවෙන් ඉදිරියට යන්න කැමති කෙනෙක්. අභියෝග බාර ගන්න කැමැති කෙනෙක්. එනිසාම ඇය තමාට හිමි චරිතයට උපරිම සාධාරණත්වය ඉෂ්ට කරනවා.

ඉසුරු විවාහ වෙන්න යනවා කියන්නේ ඇත්තක්ද, ‘ඔව් ගොඩක් දුරට මේ අවුරුද්ද තුළ මගේ විවාහය සිද්ධ වේවි. ඇය මාව මා වෘත්තීය මට්ටමින් තේරුම් ගත්ත ආදරවන්තියක්. මට සෑම සාර්ථක චරිතයක් කරන්නම ඇයද ලොකු කැපකිරීමක් කරනවා. ඉදිරියේදී ඇය ගැන කියන්න බලාපොරොත්තු වෙනවා.’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *