Tue. May 17th, 2022

කළා ලෝකයේ ඉන්න හැමෝම ආදරේ කරන සුන්දර රංගන ශිල්පිනියක් තමයි ධනංජි තාරුකා කියන්නේ. දඟකාර හැඩකාට කටකාර ඇයට තිබෙන්නේ ලගන්නා සුළු කතා විලාශයක්. ඉතින් නිතරම සතුටින් හිනාවෙලා ඉන්න ධනංජි තාරුකා එක්ක අපි ටිකක් තාකරන්න හිතුවා. ආලෝකා නොහිතපු වෙලාවක මේ ක්‍ෂේත්‍රයක් ඉවත් වෙන්න වුනොත් මොකද කරන්නේ. ”එහෙම වුනොත් මගේ දක්ෂතාවලට ගැලපෙන ක්‍ෂේත්‍රයක් හොයා ගන්නවා. ඉස්සර මගේ හීනය වුනේ බන්ධනාගාර නිලදාරිනියක් වෙන එක දැන් ඉතින් ඒ හීනේ සැබෑ කරගන්න බෑ නේ ඒ නිසා මම මට පුළුවන් දෙයක් කරනවා”

මේ වෙද්දී ධනංජි තාරුකා ලංකාවේ ඉතාම ජනප්‍රියයි ඉතින් ඔබට ආරාධනාවක් ලැබුනොත් දේශපාලනේට ඔබ ඒ ආරාධනාව බාරගන්නවද? ”ඇත්තම කියනවනම් මම ඒ ආරාධනාව බාරගන්නේ නෑ මොකද මට මානසික නිදහස කියන දේ ගොඩක් වටිනවා. දේශපාලනේට ආවා කියන්නේ ඒ නිදහස නැතිවෙලාම යනවා. අනික දේශපාලනේට ඉන්න ඒ පිලිබඳ දැනුමක් තියෙන්න ඔන්න ඒ නිසා මට ඒක ගැලපෙන්නේ නෑ”

මේ දවස්වල ආර්ථිකේ එක්ක නළු නිලියෝ ගොඩක් විදේශ ගතවෙනවා, ඉතින් ඔබට හොඳ වැටුපක් එක්ක වෙන රටකට යන්න අවස්තාවක් ලැබුනොත් මොකද කරන්නේ ”ඇත්තම කියනවනම් අපි හැමෝම ආසයි හොඳින් ඉන්න අපි හැමදාම දුක් විඳින්නේ කවදා හරි සතුටෙන් ඉන්න, ඉතින් මම අනිවාර්යෙන් ඒ අවස්තාව බාරගන්නවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *