‘මේ දේවල් වලින් මට මුලින්ම ලැබුනේ රුපියල් පන්දාහයි’ යෝහානි කියන කතාව

යොහානිද සිල්වා කියන්නේ වර්තමාන සංගීත ලෝකය ජයගත් සුන්දර යුවතියක්.⁣ ලංකාවේ නම ජාත්‍යන්තරයට රැගෙන ගිය මැය ගැන කතා කරන්නයි අද අපි සුදානම් වෙන්නේ. මියුසික් පටන් ගත්ත කාලයේදිම ඇයට මේ තරම් ලොකු ජනප්‍රියත්වයක් හිමි වුයේ ඇගේ වාසනාවට. ඉතින් අපි හිතුවා යෝහානිගෙන් මේ වගේ ප්‍රශ්නයක් අහන්න ඇත්තටම යොහානි කියන්නේ කොයි වගේ කෙනෙක්ද? “මම බොහොම සාමාන්‍ය කෙනෙක්. සමහරු කියනවා මම හරි ආඩම්බරයි කියලා. ඇත්තටම මම ආඩම්බර කෙනෙක් නෙවෙයි. මාව දන්න අය දන්නවා මම කවුද කියන්න. මම කොච්චර තැනකට ආවා වුනත් මම වුනත් තාම සංගීතය කියන දේ ඉගෙන ගන්නවා.”

යොහානි ආව ගමන සුන්දර නැති බව ඇයමයි කියපු නිසා ඒ ගැනත් අපි අහන්න හිතුවා. ඉතින් ඒ පිලිබඳ කිවුවේ මේ වගේ කතා “මේ ආව ගමනේ මම ප්‍රතික්ෂේප වුන වාර තියෙනවා. මම ටික ටික තමා හැමදේම ඉගෙන ගත්තේ. මට මියුසික් කරද්දි ගිටාර් කෝඩ් වරදිනවා. අදටත් එහෙම අවස්ථා තියෙනවා. මම අධ්‍යාපනය එක්ක මගේ සංගිත වැඩ කලේ. මට විදේශ ගත වෙන්න පුළුවන් වුනත් මම ලංකාවට ආවේ සංගිතය නිසාමයි. 2019 තමා මම සංගිතයට ලංකාවේ වැඩ පටන් ගත්තේ. මට ලැබුනේ මුලින්ම රුපියල් පන්දහසයි ඉතින් එහෙම බලද්දි එතනින් තමා මම මගේ ගමන ආරම්භ කලේ.”

මේ ආව ගමනේ ඔබට කලකිරිම් දැනිලා නැද්ද? “අපොයි නැත්තේ මොකද. අදටත් තියෙනවා. ඉන්දියාවට ගියාට පස්සෙත් ගොඩක් අය මට කිවා මට සිංදු කියන්න බෑ කියලා. මේක අපි කරපු ප්ලෑන් කිරිමක් කිවා. හැබැයි අදටවත් මම ඒ දේවල් ලොකුවට හිතන කෙනෙක් නෙවෙයි. සමහර ප්‍රතිචාර දිහා මම බලන්නෙවත් නෑ. කතා තියන අය අද විතරක් නෙවෙයි හැමදාම මට කතා කියයි. මම ගෙදර අයටත් පිටින් ඇවිත් තමා මේ සංගිතය කියන දේ ඉගෙන ගත්තේ. ඉතින් හිත් රිදිම් කලකිරිම් ගොඩයි මම මේ ආව ගමනේ.”

ඉන්දියාවට ගිය ගමනේ ඇත්තටම ඒ කියපු තරම් ජනතාවක් ඔබව පිලිගන්න ගුවන් යානය අසලට ආවාද? “මේකයි මම ඉන්දියාවට ගියත් එක්කම මම ගැන බොරු ප්‍රතිචාර ගොඩක් ප්‍රචාරය වෙන්න පටන් ගත්තා. මම දන්නේ නෑ ඇයි එහෙම ප්‍රචාරය කරන්නේ කියලා. ඔය කියන තරම් ලක්ෂ ගානක් පිරිසක් එදා ආවේ නෑ. ඒ විතරක් නෙවෙයි සමහරු මට කිවා මට ගෙවල් තියෙනවා මට කට්ටිය සල්ලි දුන්නා මේ වගේ නොයෙක් කට කතා. මිනිස්සු ඇත්තටම ලොකු බොරුවක් මවාපෑවා. හැබැයි මට වැඩ කරන කාලය තුළ හොද රසික ආදරයක් ලැබුනා. ඒ ගැන කියන්නම් ඕනි. අපි දවස් ගානක් එහේඑක දිගට වැඩ කලා. ඒක ලේසි දෙයක් නෙවෙයි. පුදුමාකාර මහන්සියක් ඒක “

Leave a comment

Your email address will not be published. Required fields are marked *