Tue. May 17th, 2022

වර්තමානය වෙනකොට ලෝකයේ බොහෝ සෙයින් කතාබහට ලක් වෙලා තියෙන්නෙ රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගිනි තත්වය ගැනයි. ලෝක ආර්ථිකයට වගේම බොහෝ මිනිසුන්ගේ ජීවිත වඩාත් මේක දැඩි සේ බලපාල තියෙනවා ඉතින් මේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් එක්කම ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය යොමු වුණේ පෙර කාලයකදී විකට නළුවෙක් ලෙස නමක් දිනාගෙන සිටි මේ වෙනකොට යුක්රේන ජනාධිපති වන සෙලෙන්ස්කි දෙසටයි. මේ වෙනකොට ලෝකයේම අවධානය ඔහු දෙසට පමණක් නොව ඔහුගේ ආදරණීය බිරිඳ සහ ඔහුගේ දරුවන් දෙදෙනා දෙසටත් යොමු වෙලා තියෙනවා.

ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ පුටින්ගේ ඊළඟ ඉලක්කය මොහුගේ පවුල වීමයි. ඔලේනා කියලා කියන්නේ පෙර කාලයේදී තමන්ගේ සැමියා එක ක්‍රියාකාරීව දේශපාලනයට යොමු වුණ බිරිඳක් නෙවෙයි. නමුත් පවතින මෙම තත්වයක් සමග ඇය තම සැමියාගේ සෙවනැල්ල විලසින් ඇයි ඉන්නවා. ඒ වගේම යුක්රේන ජනතාවට බලාපොරොත්තු වේ තාරකාවක් විසින් ඇය සිටිනවා. “මං කලබල වෙන්නේ නැහැ බය වෙන්නේ නැහැ කියලා මම විශ්වාසයෙන් කියනවා.”

යුද ගිනි මැද අසරණ වෙලා මානසිකව ඇද වැටිලා ඉන්න මිනිසුන්ගේ මානසික තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ඇය විශාල ව්‍යාපෘතියක ද නිරත වෙලා ඉන්නවා. ඒ වගේම පවතින යුද තත්ත්වය ගැන සත්‍ය ප්‍රවෘත්ති වාර්තා කිරීමේ telegram නාලිකාවක් විවෘත කිරීමට සූදානම් වෙනවා. සෙලෙන්ස්කි 2019 වර්ෂයේ දී ජනාධිපතිවරණය ජය ගත්තු වෙලාවේ දී ඇය මාධ්‍යයට ප්‍රකාශ කළේ ” මම ගොඩක් පෞද්ගලිකව ජීවත් වෙන්න කැමති කෙනෙක්. මම කැමති වේදිකාවෙන් පිටිපස්සේ ජීවත් වෙන්න. සෙලෙන්ස්කි හැම වෙලාවෙම මට ඉස්සරහින් ඉදීවි. ඒ නිසා මට පහසු සෙවනට වෙලා ඉන්න එක.” ලෙසයි.
“අපි යුක්රේනය අතහැරලා යන්නේ නෑ. මොනතරම් නරක අතට හැරුණත් දරුණු වුණත් යුක්‍රේනයේ ජනතාවත් අපි රට වත් දාලා යන්නේ නැහැ. ඔවුන් වෙනුවෙන් හිට ගන්නවා.

මෙි කඳුළු ගංගාවල් නිමාවට පත්වෙලා යුක්රේනයට අනිවාර්යෙන්ම වසන්තය ඉක්මනින්ම උදාවේවි. ඒ නිසා අපිට සිද්ද වෙනවා ඒ වෙනුවෙන් නැගී හිටින්න වගේම සටන් කරන්න වගේම දරාගන්නත්. අපි කවදාවත් දනින් වැටෙන්නේ නැහැ. උපදින දරුවන් වෙනුවෙන්, ඔවුන්ගේ මතු වසන්තය වෙනුවෙන් අපි මේ සියල්ල දරා ගන්නවා. මේ ගෙවෙන්නේ යුක්රේනයේ අඳුරුතම කාල පරිච්ඡේදය අපි එක දන්නවා. ඒත් පලායාම අපි විකල්පය විදියට තෝර ගන්නේ නැහැ. මම සතුටු වෙනවා යුක්රේන වැසියෙක් විදියට ඉපදීම සම්බන්ධයෙන් ඒ සතුට සදාකාලිකයි.” ලේනා වරින්වර තම ප්‍රාර්ථනාවන් පේන් ඇදවැටී දුර්වල වූ මිනිසුන් වෙනුවෙන් විටින් විට සයිබර් අවකාශයට මුදා හරිනවා. යුද්ධයෙන් යුක්රේනයට කිනම් ඉරණමක් උදා වුණත් කෝ ලේනා සහ සෙලෙන්ස්කි යුක්රේනයට සදාකාලික සාමයේ සංකේතයන් වනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *