මේ ගෑනියේ කියලා කෑගහලා දිනේෂ් මට හොඳටම බැන්නා – සීතල නත්තලේ දිනේෂ් රැන්ඩෙලා ආදරය දෙදරයි..?

අපේ ගායන ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ ගායකයෙක් තමයි දිනේෂ් තරංග කියන්නේ, ගායන ශිල්පියෙක් වගේම ඔහුගේ විවාහ ජීවිතය නිසාම දිනේෂ් හැමෝගෙම අවධානය දිනාගන්න සමත්වෙලා ඉන්නවා, ඉතින් අපි අද අපේ කතාබහට එකතු කරගත්තේ දිනේෂ් තරංග සහ ඔහුගේ ආදරණීය බිරිඳ වන රැන්ඩෙලා සමගයි, දිනේෂ් කොහොමද අලුත් වැඩ කටයුතු, ”අලුත් වැඩ කියන්නේ මම ළඟදී රංගන දායකත්වය ලබා දුන්න නිර්මාණයක් එන්න තියෙනවා, ඒ වගේම නාට්‍ය කිහිපයක සංගීත නිර්මාණ කටයුතු කිහිපයක් කරගෙන යනවා, ලබන අවුරුද්දේ ගීත දෙකක් එළිදක්වන්න හිතාගෙන ඉන්නවා, ඉතින් ඒ වැඩ ටිකකුත් තියෙනවා, ඒ වගේම දැන් ප්‍රසංගවලටත් සම්බන්ද වෙනවා, ඒවා තමයි ඉතින් වැඩ”

ඒ කියන්නේ දිනේෂ්ගේ අතේ මුදල් එහෙම යහමින් තියෙනවා වගේ ”කියන්න සන්තෝසයි මම මේ වෙද්දී මුල්‍යමය පැත්තෙන් හරිම ශක්තිමත්, අපිට සමහර දවස් තිබ්බා තාත්තාගෙන් දාහක් ඉල්ලගෙන ඇවිත් ඒ සල්ලි වලින් මම බිරිඳයි ළමයි දෙන්නයි කාපු දවස් තිබ්බා, සමහර වෙලාවට ඒ සල්ලි වලින් අපි සතියක් කනවා, අපි දෙන්නා කන්නේ නැතුව ළමයි දෙන්නට විතරක් කන්න දීපු දවස් තිබ්බා, අපි කාලයක් ජීවත් වුනේ එහෙම, හැබැයි දැන් ළමයි දෙන්නට ඕන ඕන දේවල් අරන් දෙන්න පුළුවන් තත්වයක අපි ඉන්නවා, අපේ පවුලම නඩත්තු කරන්නේ මම මගේ සංගීත ජීවිතය හරහා උපයන මුදලින්, ඉතින් මේ හැමදේකටම ස්තුති කරන්න ඕන මාව මේ තැනට අරගෙන ආව මගේ රසිකයන්ට”

දිනේෂ් ගැන හැමෝම වැඩිපුරම කතා වෙන්නේ ඔබගේ බිරිඳ නිසා, ඉතින් කොහොමද දිනේෂ් රැන්ඩෙලා සමග ගෙවෙන ජීවිතය..? ”හැමෝම වගේ මගේ බිරිඳට අම්මා කෙනෙක් වගේ කියනවා, ඔව් මට එයා අම්මා කෙනෙක් වගේ තමයි පොඩි බලාගන්නවා වගේ තමයි එයා මගේ වැඩ කරලා මාව බලාගන්නේ, එයා, එයා ගොඩක් බුද්ධිමත්, උගත් කාන්තාවක්, ඒ නිසා තමයි අපි තාම වබෝදයෙන් ජීවත් වෙන්නේ, එයා තමයි අපේ පවුල ශක්තිමත් කරන්නේ කවුරු මොනවා කිවුවත් මට එයා ගොඩක් වටිනවා”

රැන්ඩෙලා ගොඩක් අය කියනවා දිනේෂ් ඔබට ලන්වුනේ ඔබේ සල්ලිවලට තියෙන ආසාව නිසා කියලා, ”මෙහෙමයි හැමෝම හිතාගෙන ඉන්නේ මට ගොඩක් සල්ලි තියෙනවා කියලා, ඒ නිසා තමයි දිනේෂ් මාව බැන්දේ කියලා, මම යමක් කමක් තිබ්බ කෙනෙක් තමයි හැබැයි ඒ සල්ලි වලින් අපි අවුරුදු පහක් විතර හොඳ කාලා බීලා ඉන්න ඇති, මම වැඩකලේ බැංකු ක්‍ෂේත්‍රයේ හැබැයි දිනේෂ් එක්ක විවාහ වුනාට පස්සේ මම ඒ රැකියාවෙන් ඉවත් වුනා, මගේ අම්මා ගුරුවරියක් තාත්තා හමුදාවේ, අපි එහෙම මහා ගොඩක් සල්ලි තිබ්බ අය නෙවෙයි, දිනේෂ් එක්ක විවාහ වුනාට පස්සේ අපි කෑවේ නැති දවස් ගොඩක් තිබ්බා, දිනේෂ්ගේ මියුසික් වීඩියෝ වලට සල්ලි දුන්නේ මම හැබැයි දැන් අපි ජීවත් වෙන්නේ එයා හම්බකරන සල්ලිවලින්”

රැන්ඩෙලා දිනේෂ් ඔයා එක්ක ඉන්නේ සමාජයට බයේද..? ”දිනේෂ් කවදාවත් කාටවත් බයේ තීරණ ගන්න කෙනෙක් නෙවෙයි, ශෝෂල් මීඩියා වලින් එයාව විවේචනය කරලා කතා ශෙයා වෙද්දී මම එයාට කියලා තියෙනවා අනේ දිනේෂ් ඔයාට මාව එපානම් හොඳ කෙනෙක් තෝරාගෙන ලස්සනට ජීවත් වෙන්න කියලා, සමාජයෙන් ඇහෙන කතා දරාගන්න බැරුව මම ළඟදිත් අඬ අඬ එයාට එහෙම කිවුවා, ඒ වෙලාවේ එයා මට හොඳටම බැන්නා, මේ පිස්සුද ගෑනියේ කියලා කෑගැහුවා, මම දන්නවා එයා මාව දාල යන්නේ නැ කියාලා”

Related Posts