මේ ක්‍ෂේත්‍රයට ආවගමන් අධ්‍යක්ෂක කෙනෙක් එක්ක විවාහ වුනා – නිත්‍යා දේවින්දි

මේ දවස්වල ලංකාවේ බහුතරයකගේ ආදරේ දිනාගෙන තියෙන ටෙලිනාට්‍යක් තමයි ස්වර්නවානිනී නාලිකාවේ විකාශනය වන පාරදිගේ ටෙලිනාට්‍ය. ඉතින් මේ නාට්‍ය හරහා කාගේත් ආදරේ දිනාගත්ත රංගන ශිල්පිනියක් තමයි නිත්‍යා දේවින්දි කියන්නේ, 2019 වසරේදී දෙරණ නාලිකාවේ අවුරුදු කුමරිය තරඟයයේ අවසන් 12 දෙනා අතරට පිවිසෙන නිත්‍යා ඒ හරහාම රංගන වරම් හිමිකරගන්නවා, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න නිත්‍යා සමගයි,

නිත්‍යා දැන් ගොඩක් ජනප්‍රියයි නේ ඉතින් කොහොමද ප්‍රවීනයන් එක්ක රන්ගපාද්දී ලැබෙන අත්දැකීම්..? ”ඒ අය මගේ අඩුපාඩු කියලා දෙනවා, ඒ වගේම මමත් මගේ අඩුපාඩු මොනවද කියලා ඒ අයගෙන් අහලා ඉගන ගන්නවා, අපේ පරම්පරාගේ ගොඩක් අයට රංගන තුලදී නැතිම දෙයක් තමයි ජ්‍යේෂ්ඨ කලාකරුවන්ගෙන් දැනුම සහ අත්දැකීම් ලබාගන්නේ නැතිකම, ඒ වගේම මගේ සමකාලියන් ගොඩක් අය ප්‍රවීනයන්ට ගරු කරන්නේ නෑ, ඇත්තම කියනවනම් පාරදිගේ නාට්‍ය කියන්නේ රංගන පාසලක්”

ඔයාට හිතෙන විදියට වර්තමානයේ පවතින කළා ක්ෂේත්‍රය ගැන මොකද හිතනේ..? ”මේ යන විදියට මම නම් හිතන්නේ මේ ක්‍ෂේත්‍රය තව අවුරුදු තුනකින් හතරකින් නැත්තටම නැතිවෙලා යාවි කියලා, මොකද මේ ක්‍ෂේත්‍රයේ තියෙන කොලිටිය එන්න එන්නම නැතිවෙනවා, ඒක මම කියන්න ඕන නෑ ඕනෑම කෙනෙක්ට එක බැලූ බැල්මටම තේරෙනවා, ජ්‍යේෂ්ඨ කලාකරුවෙක් එක්ක විනාඩි 15-20ක් කතා කලගමන් ඒක හොඳට තේරෙනවා,

ජීවන සහකාරයා විදියට කළා ක්‍ෂේත්‍රයේ කෙනෙක් නේද තෝරාගෙන තියෙන්නේ ”ඔව් මාමගේ ආදරණීය මහත්මයා තමයි ගීතාංජන ද කොස්තා, මම මේ ක්‍ෂේත්‍රයට ආවගමන් විවාහ වුනා, එයා මේ ක්ෂේත්‍රයේ ඉන්න ජ්‍යේෂ්ඨයෙක්. ඉතින් සහමර අය කියනවා මම මේ ක්‍ෂේත්‍රයට ආව ගමන් අධ්‍යක්ෂක කෙනෙක් එක්ක විවාහ වුනා කියලා, හැබැයි මම විශ්වාස කරන දෙයක් තියෙනවා ඒ තමයි මම ජීවිතේ ගත්ත හොඳම සහ වැදගත්ම තීරණය තමයි එයා එක්ක විවාහ වීම,”

ජීවිතේ ගැන ආයේ හිතලා බලද්දී ඔයාට මොකද හිතෙන්නේ..? ”ඇත්තම කියනවනම් මම රංගන ශිල්පිනියක් වෙන්න හීනෙකින්වත් හිතුවේ නැති කෙනෙක්, මගේ මේ ජීවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් වුනේ මගේ තාත්තගේ වියෝවත් එක්ක, ඒ වෙද්දී මම දෙවෙනි පාරට උසස්පෙළ කරන්න හිටියේ, ඒ හැම දෙයක්ම අතරමග නතර වුනා, කොහොම හරි කාලෙකට පස්සේ තමයි මම අවුරුදු කුමරිය තරඟය හරහා මේ ක්‍ෂේත්‍රයට ආවේ”

Related Posts

Leave a Reply

Your email address will not be published.