Fri. Jan 28th, 2022

නයෝමි තක්ෂිලා කියන්නේ මෙගා නාට්‍ය රැල්ලේ දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් මේ කතා කරන්න සුදානම් වෙන්නේ ඇය ගැනයි. ක්ෂේත්‍රය ජනප්‍රියත්වයත් එක්ක ඔබට ක්ෂේත්‍රයෙන් ආරාධනා ලැබුණේ නැද්ද ආදර යෝජනා වලට, මම ක්ෂේත්‍රයේ හැමෝටම ආදරේ කරනවා. හැමෝම මට සහෝදරයෝ වගේ. ඉතින් ඒ නිසාම ඒ සහෝදර බැඳීම රැක ගන්නවා මිස වෙන බැඳීමක් ඇති කරගන්න මම හිතුවේ නැහැ .

ජීවිතයේ වෙනසක් සිද්ධ වෙනවා කියන කතාව ගැන කතා කළොත්, ඔව් හැමදාම මෙහෙම ජීවත් වෙන්න බෑනේ. මම මේ වෙද්දි පෙම්වතියක්. මගේ පෙම්වතා ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. ඉතින් අපි විවාහ වෙන්න තමයි හිතාගෙන ඉන්නේ. විවාහ වුණා කියලා රංගනයෙන් අයින් වෙන්න නම් මම තීරණය කරලා නැහැ. මගේ පෙම්වතා වුණත් මට උපරිම නිදහස දීලා තියෙනවා රංගන කටයුතුවල නිරත වෙන්න. ඒ නිසා මම දිගටම රංගන කටයුතුවලට සහභාගි වෙන්න තීරණය කරනවා.

නිරන්තරයෙන් ඔබ ප්‍රේක්ෂකයන් හමුවට එන නිසා ප්‍රතිචාර වල අඩුවක් තියෙනවද, මම මේ වෙනකන් සම්බන්ධ වුණ නිර්මාණය එකිනෙකට වෙනස්. මම රඟපාපු චරිත වෙනස්. ඉතින් මාව වෙනස් විදිහට ප්‍රේක්ෂකයින් දකින නිසා ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාර වල කිසිම අඩුවක් සිද්ධ වෙලා නැහැ. අනික මටවත් මාව එපා වෙලා නැහැ. මම කොටුවුන චරිත වල රඟපාන්නේ නැහැ. ඒ නිසාම වෙන්න ඇති ප්‍රේක්ෂකයින්ගේ ආදරේ අඩුවක් නැති වෙන්නේ.

කොහොම වුනත් මේ දවස්වල නයෝමිට පොඩි විවේකයක් ලැබිලා වගේ නේද? ඇත්තටම ඔව් දැන්නම් පොඩි නිදහසක් ලැබිලා තියෙනවා. පහුගිය කාලේ එක දිගටම වැඩ කළා. ඊටපස්සේ පොඩ්ඩක් රිලෑක්ස් වෙන්න අනුරාධපුරේ ගමට ඇවිල්ලා පවුලේ අය එක්ක ටිකක් කාලය ගතකලා. ඒකනම් ලොකු නිදහසක්. මම කොහොමත් ආස ගමට වෙලා නිදහසේ ඉන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *