‘මේනක අයියා ඒක අහපු විදියට මට බෑ කියන්න හිතුනේ නෑ’ ශේෂාද්‍රි කියන කතාව

සිනමාවේ දකින්න ලැබෙන රංගන ශිල්පිනියක් ලෙස ශේෂාද්‍රි ප්‍රියසාද් හදුන්වා දෙන්න පුළුවන්. කාලයක් ඇයව කලාවේ දකින්න නොලැබුනත් පුංචි තිරයේ ඇයව නැවත දකින්න ලැබෙනවා. ඒ නිසාම අපි හිතුවා ඇය සමඟ කතා කරන්න. අවුරුදු පහකට පමණ පසු කලාවට එකතු වෙන ඇය මේනක රාජපක්ෂ අධ්‍යක්ෂකණය කරන ආලියා ටෙලිනාට්‍යයෙන් නැවත කලා ගමන ආරම්භ කරනවා. චැලෙන්ජස් සිනමාවෙන් ඇය ප්‍රෙක්ෂකයන්ට හමුවට ආවත් ඇය ටෙලිනාට්‍ය වලට සම්බන්ධ වෙලා නෑ.

ඒ නිසාම මේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න විශේෂිත හේතුවක් තියෙනවද යන්න අපි ඇයගෙන්ම අහන්න හිතුවා. “මේනක අයියා කතා කරපු විදිහට මට බෑ කියන්න හිතුනේ නෑ. ඒක තමා මුලිකම හේතුව. ඔහු ම මාව මේ ටෙලිනාට්‍යයට දිරිමත් කළා. මේනක අයියා තිර පිටපත එව්නට පස්සෙත් මට චරිතය ගැන ආස හිතුනා. ඉතින් ඒ චරිතය භාරගන්න මම තිරණය කලා.මේනක අයියාගේ පළවෙනි නිර්මාණය මේක. ඉතින් මම උපරිම ඒ නාට්‍යය වෙනුවෙන් මගේ දායකත්වය දෙනවා.”

ජිවිතේ ලැබිලා තියෙන දේවල් ගැන සතුටු වෙනවද? “මට දුකක් දැනිලා නෑ කොතනකවත්. අනික මම ජිවිතේ ගොඩක් ලොකු බලාපොරොත්තු තියාගෙන ජිවත් වෙන කෙනෙත් නෙවෙයි. ඒකට හේතුව මම කලින් දැකපු බලාපොරොත්තු මට නැති වෙල තියෙනවා. ඒ නිසා මම ලොකු බලාපොරොත්තු නැතුව අද දවසේ ජිවත් වෙනවා. එහෙම ජිවත් වෙද්දි ඇත්තටම ජිවිතය වුනත් හරිම පහසුයි. ම⁣ට දැන් පවුල් ජිවිතයක් තියෙනවා.ක්‍රිෂාන් මට ලොකු සහයෝගයක් දෙනවා මගේ සියළු වැඩ කටයුතු වලට.”

සැමියාගෙන් රංගනයට බාධාවක් නැද්ද? “ක්‍රිෂාන් මට කවදාවත් රංගනයට නිති දාලා නෑ. අරක කරන්න මේක කරන්න එපා කියලා නෑ. අලේ හිතේ සතුටින් කරන ඕනිම දෙයක් සාර්ථක වෙනවා කියලා තමා එයා කියන්නේ. මට ක්‍රිෂාන්ගේ ⁣ආදරය තෝරගැනිම තුළ මානසික.නිදහස කියන දේ උපරිම තියෙනවා.ඒ ගැන මට සතුටුයි.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *