මේනකයි මමයි එකට ඉද්දී අලියයි කූඹියයි වගේ ආදරේ කරද්දී ඒවා අදාළ නෑ නේ – ආයෙත් අම්මා කෙනෙක් වෙන්න යන නෙහාරා

මේනක සහ නෙහාරා කියනේ කළා ලෝකයේ ඉන්න ආදරණීයම යුවලක් විදියට හඳුන්වන්න පුළුවන්, කොහොම වුනත් මේනක සහ නෙහාරා විවාහයෙන් පස්සේ ලංකාවේ හිටියේ බොහොම කෙටිකාලයක් පමණයි, විවාහයෙන් සති කිහිපයකට පස්සේ නෙහාරා සහ මේනක විදෙෂගතවෙනවා, කොහොමවුනත් කාලයක් විදෙස්ගතව ඉඳලා ලංකාවට ආව මේ යුවල නැවතත් කළා ලෝකය සමග සම්බන්ද වෙනවා, ඒ වගේම මේනක රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂක වරයෙක් විදියටත් හැමෝගෙම අවධානය දිනාගන්න සමත් වෙනවා. ඒ වගේම තමයි මේ වනවිට නෙහාරා සහ මේනක කියන්නේ ආදරණීය දෙමාපියන් යුවලක්, ඉතින් අද අපේ මේ කතාබාහ නෙහාරා මේනක යුවල පිළිබඳවයි,

ඉතින් නෙහාරා ඇයගේ පුද්ගලික ජීවිතය රසබර තොරතුරු අප සමග බෙදාගත්තේ මෙහෙමයි, ”මම මේ දවස්වල වැඩිය රඟපාන්නේ නෑ, මම ටික කාලයක් නිහඬව ඉන්න හිතුවා, හැබැයි එකත් ගොඩක් සුන්දර නිහැඬියාවක් මොකද ආයෙමත් මම මවු පදවිය ලබන්නයි සුදානම් වෙලා ඉන්නේ, ඒක මට ගොඩක් ලොකු සතුටක් අපේ දුවටත් දැන් අවුරුද්දයි මාස හතක විතර වෙන්න එනවා, දුවත් එක්ක එයාගේ හුරතල් බල බල ඉද්දී වෙලාව යනවා දැනෙන්නේ නෑ

මේනක මේ දවස්වල රංගනයට වගේම අධ්‍යක්ෂක වරයෙක් විදියටත් වැඩ කරන නිසා එයා ගොඩක්ම කාර්යබහුලයි, ඒ වගේම මගේ ඩාන්සින් ස්ටුඩියෝ එකේ වැඩ ගැන බලන්නෙත් එයා, හැබැයි කොච්චර වැඩ තිබ්බත් එයා මම ගැන වගේම අපේ පවුලේ දේවල් ගැන නිතරම හොයලා බලනවා, මේනකට පුළුවන් වෙන හැම වෙලාවකම එයා ගෙදර වැඩ වලට උදවු වෙනවා,

මේනක මුලින්ම මට මුණගැහුනේ ටෙලිනාට්‍යක් රූගත කරන අතරතුරේදී, එතකොට අපි හොඳම යාළුවො බවට පත්වුනා, ඊටපස්සේ ඒ ටෙලිනාට්‍ය කෙරීගෙන යද්දී අපි ආදරේ කරන්න පටන් ගත්තා, ඒ කාලේ මෙනකයි මම එකට ඉන්නකොට අලියයි කූඹියයි වගේ ආදරේට ඉතින් ඒවා අදාල නෑ නේ, 2014දී අපි දෙන්නා බැන්දා, මොනවා වුනත් ඒ කාලේ හරිම සුන්දරයි”

Related Posts

Leave a Reply

Your email address will not be published.