මෙහෙ වගේ නෙවෙයි ඉන්දියාවේ නළුවන්ට නිළියන්ට සලකන්නේ දෙවියන්ට වගේ – ශ්‍යාමි ප්‍රනාදුයි

ලෝකෙම අවධානයට ලක්වුණ සමානනීය සිනමා නිර්මාණ කරුවෙක් වන මනිරත්නම් ගේ අලුත්ම සිනමාපටය ‘පොන්නියින් සෙල්වන්’ සිනමා පටය මේ වනවිට ලෝකේ බොහොමයක් රටවල් වල විකාශනය වෙනවා, ඉන්දියාව, මැදපෙරදිග රටවල්, කැනඩාව, ඇමරිකාව මෙම සිනමාපටය වැඩිපුරම නරඹන රටවල් විදියට හඳුන්වන්න පුළුවන්, ඉතින් අපට මේ සිනමා පටය විශේෂ වෙන්න හේතුවක් තියෙනවා, ඒ තමයි මෙම සිනමාපටයේ මහින්ද රජු නොහොත් පස්වන මිහිඳු රජු ගේ චරිතයට පන පොවන්නේ ලංකාවේ එන්න සම්මානනීය රංගන ශිල්පියෙක් වන ශ්‍යාමි ප්‍රනාන්දු විසින් වීමයි, ඉතින් අපි අද අපේ කතාබහට එකතු කරගත්තේ ඔයාලා හැමෝම ආදරේ කරන ශ්‍යාමි ප්‍රනාදුයි,

ශ්‍යාමි කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ ”මේ දවස්වල මම නිර්මාණය කරන්න සුදානම් වෙලා ඉන්න සිනමා නිර්මාණයක් වෙනුවෙන් පුර්ව සැලසුම් නිර්මාණය කරගෙන ඉන්නවා, ඊට අමතරව මම බාරගත්ත ටෙලිනාට්‍ය දෙකක් තියෙනවා, ඉතින් ඒවගේ වැඩ වලටත් රංගන දායකත්වය ලබාදෙන්න සූදානම් වෙලා ඉන්නවා, තව මම මේ දවස්වල තිරගත් වෙන සංගාය නිර්මාල්ගේ ප්‍රාණ සිනමාපටයේ පියතුමෙක්ගේ චරිතයට පන පොවනවා, ඒ වගේම පොන්නියින් සෙල්වන් සිනමා පටයේ ප්‍රවර්ධන වැඩ වලට සම්බන්ද වෙලා ඉන්නවා”

ඉන්දියාව කියන්නේ අති විශාල සිනමා සංස්කෘතියක් තියෙන රටක් ඉතින් ඒ සිනමාව ඔබ දකින්නේ කොහොමද..? ”මෙහෙමයි ඉන්දියාවේ සිනමා සංස්කෘතිය ලංකාවට වඩා වෙනස්, නිෂ්පාධන අංශය ගැන සංසන්ධනය කලොත් වැය කරන ප්‍රාග්ධනය පිලිබඳ ලොකු ප්‍රශ්නයක් අපිට තියෙනවා, ඉන්දීය සිනමාව ගත්තොත් ඒ රටේ ජනගහනය එක්ක බැලුවොත් ලෝකේ දෙවැනියට විශාලම සිනමා කර්මාන්තය ඉතින් ඒ නිසා ඒ කර්මාන්තයට විශාල ප්‍රාග්ධනයක් වැයකරන්න පුළුවන්, ඒ වගේම තමයි ඊට සාපේක්ෂව ලාභ ලබන්නත් පුළුවන්, ඒ වගේම ඉන්දියාවේ නළු නිලියන් හැමෝම පිළිගන්නේ දේවත්වයෙන් එක ඉන්දියාවේ සංස්කෘතිය එක්ක බැඳිලා තියෙන දෙයක්”

Related Posts

Leave a Reply

Your email address will not be published.