Tue. May 17th, 2022

හේෂානි ලියදිපිට කියන්නේ මේ දිනවල කවුරුත් අතර වඩාත් ජනප්‍රිය චරිතයක්. ඒ ධරණි ටෙලි නාට්‍යය තරුමිණි හරහා.දඟකාර හැඩකාර විසේකාර සුන්දර යුවතියක් වන මැය ගැනයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ. පුංචි කාලයේ ඔබේ අරමුණ වුණේ කුමක්ද, ”පුංචි කාලේ ඉදන්ම මම නර්තනයට ගොඩක් කැමති කෙනෙක්. කුඩා කාලයේ ඉදන්ම මම කලාව කියන දේට ලැදි කෙනෙක්. මේ නිසාම පුංචි කාලේ ඉදන්ම මම ආස කළේ නර්තන ගුරුවරියක් වෙන්න. ඒ නිසාම මම උසස් පෙළට කලා විෂය තෝරාගත්තා. අවසානයේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරී පත්වුණා. මම මේ වෙද්දි සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ තෙවන වසරේ ඉගෙනුම ලබනවා. මම පහත රට පහතරට නර්තන සම්ප්‍රදාය තමයි ඉගෙන ගන්නේ.”

ධරණි ටෙලි නාට්‍යය ගැන කිව්වොත්, ”මගේ ජීවිතේ මම ආසාවෙන් කරන චරිතයක්. මම හිතන්නේ මට ලැබුණු සුන්දර චරිතයක්. මම තරුමිණි විදිහට තමයි රඟපාන්නේ. හරිම අසීමාන්තිකව ආදරය කරන චරිතයක් ඒ චරිතය. මම හිතන්නේ කාන්තාවක් විදිහට ඒ චරිත චරිතය නිරූපණය කරන්නේ කාන්තාවන්ගේ ගැටලු. කාන්තාවක් විදියට සමහට සමාජයෙන් එල්ල වෙන තාඩන පීඩන හැමදෙයක්ම ඒ චරිතය ඔස්සේ සමාජයට කියනවා. කාන්තාවකගේ විවිධ ස්වරූප එක චරිතයකින් මට පෙන්නුම් කරන්න ධරණි ටෙලි නාට්‍යය හරහා පුළුවන් වුණා. ධරණි කියන්නේ මගේ පළමු නිර්මාණයයි.”

කොහොමද ධරණි ටෙලි නාට්‍යයේ තරුමිනිට ලැබෙන ප්‍රතිචාර, ”ගොඩක් හොද ප්‍රතිචාර ලැබෙනවා. මිනිස්සු ගොඩක් හරි ආදරෙයෙන් වැලඳගෙන ආදරෙන් වැළඳ ගෙන ඉන්න චරිතයක්.මම සාමාන්‍ය ජීවිතේ ටිකක් නපුරු චරිතයක්. මම ටිකක් දඟයි. මේ හැමදේම එක්ක රසිකයින් අතරට යන්න පුළුවන් විදිය චරිතයක්ම මට ලැබුනා. ඒ නිසාම මට වඩාත් සාර්ථක විදියට ඒ චරිතයට සාධාරණය ඉෂ්ඨ කරන්න පුළුවන් වුණා.”

කල වයසත් හරි එකේ විවාහය ගැන මතක් කළොත්, ”මම හිතන්නේ මම තාම පොඩියි. අවුරුදු විසි හතරක් කියන්නේ විවාහ වෙන වයසක් නෙවේ. අනික මම තාම ඉගෙන ගන්නවා. ආදරය ආදරයෙන් බාරගන්න මග බලාගෙන ඉන්නවා. තවම නම් පෙම්වතෙක් නැහැ. මට ගෙදරින් වුණත් තවම ඉරි වලට බල කරන්නෙ නැහැ අධ්‍යාපන කටයුතු නිසා. කාලය⁣ට ඉඩ දීලා බලාගෙන ඉන්නවා.හරිම කෙනා ජීවිතේට එනකම් මම මගේ ගමන යනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *