‘මෙහෙම සැපට හිටියට අපිට ප්‍රශ්න කෝටියක් තියෙනවා’ ජනප්‍රිය නිලි ශ්‍රීමාලි කියන කතාව

ශ්‍රිමාලි ෆොන්සේකා කියන්නේ වසර 10කට පෙර විවාහක රූ රැජින කිරුළ දිනාගත්ත ආසියානු විවාහක රූ රැජිනයි. ඇය ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඇය කලාවට පිවිසෙන්නෙ රංගනයෙන් වුනත් ඇය සිය දායකත්වය ලබා දෙන්නේ තෝරගත් චරිත කිහිපයක් සදහා පමණයි. ඇමරිකාවේ ජිවත් වෙන ඇය පහුගිය කාලයේ මෙරට තත්වය එක්ක මෙරට හිර වෙනවා. ඉතින් අද අපි සුදානම් වෙන්නේ ඇය ගැන කතා කරන්නයි.

සකර්මනාට්‍යයේ සුමාලිගේ චරිතය හරහා නැවත ඇය රංගනයට පිවිසෙනවා. එය ගැමි චරිතයක්. ඇය ප්‍රථම වතාවට මෙවැනි චරිතයකට සම්බන්ධ වුන බවයි පැවසුවේ. මේ චරිතයට ඔබ කැමතිද? “ඇත්තටම ඔව් මම මේ චරිතයට ගොඩක් කැමතියි. මේ වගේ චරිතයක් ලැබුන නිසා තමයි මම අපි අතරේ මමේ වගේ චරිත ජිවත් වෙනවා කියලා දැනගත්තේ. ඇත්තටම මම මේ චරිතයට ආස වෙන්නම හේතුව කාඩන පිඩන මැද්දේ ජිවත් වෙන චරිතයක් විම. මෙහෙම ජිවත් වුනාට ඇත්තටම අපිට මේ වගේ ප්‍රශ්න තියෙනවා කියලා දැනෙන්නේ මේ වගේ චරිත එක්ක. ඒ රූගත කිරිම් එක්ක මට ගොඩක් දේවල් දැනෙන්න ගත්තා”

ඔබ සතුටින් නෙවෙයිද ඉන්නේ, “අපි ප්‍රශ්න එක්ක ජිවත් වෙන මනුස්සයෝ. අපි අපිවම සංකිර්ණ කරගෙන ඉන්නේ. ඇත්තටම ගම්වල ජිවත් වෙන ඇය එහෙම නෑ. එයාලා නිදහසේ එයාලාගේ නිදහස විදිනවා. ගොඩක් මනුස්සයෝ අපේ සමාජයේ හොයන්නේ කෙනෙකුගේ අඩුපාඩු විතරයි. ඉතින් සකර්ම නිසා මම ජිවිතේ වෙනස් විදිහකට දකිනවා.”

ඔබ ජනප්‍රියත්වයට කැමති නැද්ද? “කොහෙත්ම කැමති නෑ. මම කැමති ජිවිතේ නිදහසේ විදින්න. ජනප්‍රියත්වය නිසා බෙරු මවාපෑම් මවාගෙන ජිවත් වෙන්න මම කැමති නෑ. ජනප්‍රියයි කියලා බොරුවට කෑ ගහනවට වඩා මගේ මානසික සතුට තියාගෙන ජිවත් වෙන එක මට වටිනවා.

ඔබ රංගනයට එන්නේ පරක්කු වෙලා නේද? “ජිවිතේ කොතනකවත් මට එහෙහ හිතිලා නෑ. හරිම වෙලාවට හරිම දේ ලැබුනා කියලා මම හිතනවා. මම දැන් රංගනයටඇවිත් අවුරුදු 10ක් වෙනවා. මම බොහොම හෙමින් තමා මේ ගමන ආවේ.”

ආයේ ඇමරිකාවට යනවද? “ඔව යන්න සිද්ධ වෙනවා. මොකද දුවගේ අධ්‍යාපන කටයුතු නිසා. ඒත් ඇත්තටම මට දැන් හරි ලෝභයි මේ දේවල් දාලා යන්න. ඒ තරම් මම කැමතියි මම රඟපාන චරිත වලට.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *