මෙයා මට අවුරුදු හතරකට කලින් හම්බුනේ බූට් එකක් කාලා ඉද්දී – දිනේෂ් ගමගේ

ගායන ශිල්පියෙක් විදියට ඉතාම කෙටි කාලයකින් ප්‍රේක්ෂක හදවත් දිනාගන්න සමත්වුණ ගායන ශිල්පියෙක් තමයි දිනේෂ් ගමගේ කියන්නේ, වර්තමානය වනවිට දිනේෂ්ගේ ගීතයකට ආදරේ නොකරන කෙනක් ලංකාවේ නොමැති තරම්, පහුගිය කාලයේ එළිදැක්වූ දිනේෂ් විසින් ගායනා කරන ‘සෙංකඩගල නුවරට වහින වැස්ස’ ගීතයත් ලංකාවේ චාට්ෂෝවල අංක එක දිනාගෙන හිටියා, ඉතින් මේ විදිට කාගේත් ආදරේ දිනාගෙන ඉන්න දිනේෂ් සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ,

ඉතින් දිනේෂ් මොකද වෙන්නේ මේ දවස්වල..? ”මේ දවස්වල ඉතින් මම ප්‍රසංගවලට සම්බන්ද වෙලා ගීත ගායනා කරනවා, ඒ වගේම මගේ අලුත් නිර්මාණ කිහිපයක් එළිදක්වන්නත් තියෙනවා, ඒවගේ තව පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න, රූපරචනාවන් සම්බන්දයෙන්, ඒ ටික කරගෙන යනවා, ඒ වගේම අළුත් ගීත කිහිපයකම තනු නිර්මාණය කරන්නත් තියෙනවා, ඕවා තමයි ඉතින් මේ දවස්වල අලුත්ම වැඩ”

දිනේෂ් කොහොමද මේ සංගීත ක්‍ෂේත්‍රයට සම්බන්ද වෙන්නේ..? ”මෙහෙමයි මට එහෙම මේ ක්ෂේත්‍රයටම සම්බන්ද වෙන්න ඕන කියලා අයිඩියා එකක් තිබ්බේ නෑ, උසස්පෙළ කරලා ඉවර වුනාට පස්සේ මොකද්ද කරන්න ඕන කියලා මම හිතාගන්න බැරුව හිටියේ, හැබැයි මට මියුසික් කරන්න ලොකු ආසාවක් තිබ්බා, ඉතින් එහෙම ඉද්දී තමයි දැනගන්න ලැබුනේ ලහිරු පෙරේරා අයියා සහ මනුරංග අයියා ඕඩියෝ ඉන්ජිනියරින්ග් උගන්වන ආයතනයක් පටන් ගත්තා කියලා, ඉතින් මම ඒකට සම්බන්ද වුනා, මට ඊට පස්සේ මට ලහිරු අයියා එක්ක වැඩ කරන්නත් චාන්ස් එකක් ලැබුනා”

දිනේෂ් කියන්නේ ගොඩක් කඩවසම් පෙනුමක් තියෙන ප්‍රියමනාප ගායකයෙක්, ඉතින් රඟපාන්න එන්න ආරාධනා ලැබිලා නැද්ද..? ඇයි නැත්තේ මේ ළඟදිත් ආරාධනා කිහිපයක්ම ආවා, හැබැයි මම ඒවා බාරගත්තේ නෑ, මොකද මට රඟපාන්න බෑ, මම බෑ කියපු සමහර නාට්‍ය දැන් විකාශනය වෙනවත් එක්ක, මම රඟපාන්නේ මගේ ගීතවල රූපරචනාවල විතරයි ඒකත් අධ්‍යක්ෂකවරුන් බල කරන නිසා,”

ඉතින් මේ විදියට කාගේත් ආදරේ දිනාගෙන ඉන්න දිනේෂ්ගේ ආදරණීය පෙම්වතිය තමයි කළා ලෝකයේ ප්‍රසිද්ධම කළා පවුලේ බාලම දියණිය ශානුද්රි ප්‍රියසාද්, පහුගිය දවසක දිනේෂ් කරපු හරි අපූරු වැඩ නිසා මේ දෙන්නා ගැන හැමෝගෙම අවදානය යොමු වුනා, ඒ තමයි ප්‍රසංග වේදිකාවක ගීතයක් ගායනා කරන්න ශානුද්රි ප්‍රියසාද් වේදිකාවට එක්කගෙන ආවා එහෙම එක්කන් එනගමන් කිවුවේ ”මෙයා තමයි මට අවුරුදු හතරකට කලින් NSBM එකෙන් හමුවුනේ, බූටක් කාලා ඉද්දි තමයි හම්බුනේ, මෙයා මගේ නංගි කෙනෙක් කෙල්ල නෙවෙයි” කියලා, කොහොම වුනත් දිනේෂ් ශානුද්රි හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළියේනේ අපි බලන් ඉමු,

Related Posts