මෙයා ඉරිසියයි මම වෙන අයත් එන්න පෙම් ජවනිකා රඟපාන එකට – අකිල ධනුද්දර

ලංකාවේ ඉන්න රංගන ශිල්පියන් අතරින් කාගේත් ආදරේ දිනාගෙන ඉන්න කඩවසම් රංගන ශිල්පියෙක් තමයි අකිල ධනුද්ධර කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා ගොඩක් ආදරේ කරන අකිල සමග, අකිල මේ දවස්වල ‘හීනයකි මේ ආදරේ’ කියලා අලුත් නාට්‍යක් එක්ක සම්බන්ද වෙලා ඉන්නවා නේද..? ”ඔව්, මම සාමාන්‍යයෙන් ටෙලිනාට්‍යවලට සම්බන්ද වෙන කෙනෙක් නෙවෙයි, එහෙම සම්බන්ද වුනත් සම්බන්ද වෙන්නේ ඉතාම අඩුවෙන්, මම සාමාන්‍යයෙන් නිර්මාණයකට සම්බන්ද වෙන්නේ එක හොඳ නිර්නාමයක් නම් විතරයි, මේක දීර්ඝ කොටස් සංඛ්‍යාවක් තියෙන නාට්‍යයක් ඇත්තටම මේක මට ගොඩක් හොඳ අත්දැකීමක්”

අකිල වැඩියෙන්ම සම්බන්ද වෙලා තියෙන්නේ ඉතිහාස කතාවලටනේ, ඉතින් කොහොමද මේ අලුත් නිර්මාණයෙන් ලැබුන අත්දැකීම ”ඔව් මට නිතරම වගේ ලැබෙන්නේ ඉතිහාස කතාවල චරිත, මට මේ නිර්මාණයට ආරාධනා ලැබෙන්න කලින් ශාන්ත මහත්මයා කතා කලේ වෙනත් නිර්මාණයකට, ඒ කාල නදිය ගලා බසී කියන පොතේ නිර්මාණයක් විදියට කරන්න බලාගෙන, මමත් ඒකට කැමතිවෙලා තිබ්බේ හැබැයි ඒ වැඩේ ටිකක කල් ගියා, ඊට පස්සේ තමයි මට මේ නිර්මාණයට ආරාධනාවක් ලැබුනේ, මම දෙපාරක් හිතන්නේ නැතුව මේකට කැමති වුනා”

අකිලගේ මේ අලුත් නිර්මාණය ඔබගේ ආදරණීය බිරිඳ සහ දියණියත් බලනවද..? ”ඔව් ඔව් ඒ දෙන්නම බලනවා, බබා ඒවා බලාගෙන ඉඳලා මගෙන් අහනවා කවුද අප්පච්චි මේ ඇන්ටි කියලා, මේ මගේ අම්මා නේද කියලත් අහනවා, මේ කතාව විකාශනය වෙලා මුල් කාලේ පොඩි ඉරිසියාවක් වගේ තිබ්බා, හැබැයි බබා දන්නවා දැන් මේක රඟපෑමක් විතරයි ඇත්ත දෙයක් නෙවෙයි කියලා, අපි වැඩ වලට යද්දිත් බබා අරන් යන නිසා දැන් මේ දේවල් බබාට පුරුදුයි,”

ඔබගේ බිරිඳට ඉරිසියා හිතෙන්නේ නැද්ද නාට්‍යවල පෙම් ජවනිකා රඟපාද්දී..? ”මම විවාහ වුනේ මගේ සෙකට්‍රි එක්ක, ඉතින් ඒ නිසා මාත් එක්ක වැඩ කරන හැමෝම මගේ බිරිඳගේ යාළුවො, එයා කොහොමත් මගේ රකියාවගැන තේරුම් අරගෙන තමයි මගෙත් එක්ක විවාහ වුනේ, ඉස්සරනම් පොඩි පොඩි ඉරිසියා තිබ්බා, හැබැයි දැන් එහෙම නෑ, අදටත් ඇය මම යන යන තැනට එන නිසා ඇයට ලැබෙන පිළිගැනීමත් එක්ක දැන් ඒ පුංචි ඉරිසියාව නැතිවෙලා”

Related Posts