‘මෙතනට එන්න කාපු කටු දන්නේ මම විතරයි’ ජනප්‍රිය නළු සංගීත් කියන කතාව

‘ඕ… ගීතිකා ඕ ඕ.. ගීතිකා..’ ගීතය ගායනා වෙද්දි අද බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ හැමෝම ආදරේ කරන කවඩියා. ඒකට හේතූව තමයි මේ දිනවල විකශෙය වෙන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය. ඉතින් මේ කවඩියා චරිතයට පන පොවන ඔහු සංගීත් ප්‍රභූ සංඛ පත්ම රත්නායක ඔහු කවුද යන්න කාටත් මතක් වෙන තරමට ඔහු ඔහුගේ නම රංගන ක්ෂේත්‍රයේ ලියා අවසන්. බොහෝ රසික ආදරයක් ඔහු දිනා අවසන්. ඉතින් මේ ඔහු ගැන කතාවයි.

බදුල්ල ප්‍රදේශයේ සංගීත් ඉපදුන අතර අධ්‍යාපනය ලබන කාලයේ අනුරාධපුරයට ගිය ඔහුගේ ළමා කාලය ගතවන්නේ අනුරාධපුරය ප්‍රදේශයේමයි/ අදටත් සංගිත් තමන්ගේ ගම ලෙසට ඔහු හදුන්වා දෙන්නේ අනුරාධපුරය. කුඩා කල පටන් දඩබ්බර චරිතයන් වු මොහු ක්‍රිඩාවටද උපන් දක්ෂතා දක්වපු පුද්ගලයෙක්. සංගීත ගුරුවරයෙන් වු මොහුගේ මවගේ ආභාෂයද මොහුට උපතින්ම පිහිටා ඇති බවට හැගුනේ බොහෝ සංගිත භාණඩ ඔහුට හුරු නිසා.

අම්මාගේ මෙන්ම සංගිත්ගේ හිනය වුනෙත් නළුවෙක් වෙන එක කියලා ඔහු අපිට පැවසුවා. “මගේ අම්මා නිළියක් වෙන්න ආස කෙනෙක්. ඒත් අම්මාට ඒ හීනයට යන්න බැරි වෙලා. ඒ නිසා මාව නළුවෙක් කරන්න අම්මා කරන්න පුළුවන් හැමදේම කළා. ඉතින් ඒ කැප කිරිම් නිසාම පොඩි කාලේ ඉදන් මම ආස කලා නළුවෙක් වෙන්න. පාසල් කාලේ ඉදන් මම රංගනයට දක්ෂතා දැක්කුවා. ලද අවස්ථාවෙන් මම උපරිම ප්‍රයෝජන ගත්තා ඒ විතරක් නෙවෙයි මම බලෙන් හරි ඉස්ටේජ් වලට නැග්ගා. ඉතින් පාසල් කාලේ ඉදන් මම ඒ හැමදේම කලේ දවසක ටිවි එකෙත් රඟපානවා කියන අදහසින්. ඒ තරම් කලාවට එන්න ආස කලා මම.”

ජීවිතේ සාර්ථක වෙන්න ලොකු කැපකිරිමක් කරන්න සිද්ධ වුනා කියලා සංගිත අප හා කියා සිටියා. අනුරාධපුරයේ හැදුන ඔහු කොළඹට එන්නේ සිය රංගන ජිවිතය ආරම්භ කරන්න. ඒත් ඒ ආව ගමන හිතපු තරම් සුන්දර නෑ. රවින්ද්‍ර විජේරත්න ගුරුගේ සිනමා පාසලෙන් රංගන ජිවිතයේ පළමු පියවර තබන සංගීත් ‘කුටු කුටු මාමා’ නාට්‍යයෙන් පළමු වරට රංගනයෙන් සම්බන්ධ වෙනවා.

ඔහුගේ රංගනය පළමු ජිවන වෘත්තීය නෙවෙයි කියලයි ඔහු අපි සමඟ කියා සිටියේ. “ඇත්තටම රඟපෑම මගේ මුල්ම රස්සාව නෙවෙයි. මම ජිවිතේ කාටවත් බරක් නොවේ ඉන්න රස්සා කිපයක් කලා. මගේ වයසේ ගොඩක් අය ජිවිතේ විදින කාලේ මම සෑහෙන ලොකු කැපකිරිමක් කලා මගේ හීනයට යන්න. පාරවල් ගානේ ලීෆ්ලට්ස් පවා බෙදන්න මට සිද්ධ වුනා. ඒ හැමදේම මම කලේ මගේ හිනයට යන්න. මෙතනට එන්න කාපු කටු දන්නේ මම විතරයි. ඒ නිසාම මට ‘කුටු කුටු මාමා’ නාට්‍යයෙන් රංගනයට දායක වෙන්න පුළුවන් වුනා.

ඒ නාට්‍යයෙන් පස්සේ මම සල් සපුනා නාට්‍යයට දායක වෙනවා. ඉතින් මගේ අම්මා අද මම ඉන්න තැන ගැන සතුටු වෙනවා. එදා මට කිසි දෙයක් නැතුවයි කොළඹට අඩිය තිබ්බේ. හැබැයි අද මට බොහෝ දේවල් ලැබිලා තියෙනවා. ඉතින් තමන්ගේ ජිවිතේ හදාගන්න මොන තරම් කට්ටක් කන්න ඕනිද කියලා මම තේරුම් ගත්තා. හැබැයි මම කරපු රස්සාවල් ගැන මම දුක් වුනේ නෑ. කරන්න පුළුවන් දේ උපරිම කළා. ඒ නිසාම වෙන්න ඇති මට සාර්ථක වෙන්න හේතු වුනේ. මම කොච්චර ලොකු කට්ටක කෑවත් මගේ ගමන නතර කරන්න හිතුවේ නෑ කවදාවත්.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *